• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1949 පෙබරවාරි 15 – අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක පුතු ඉපදීම

සිරිමා බණ්ඩාරනායක මැතිනිය තම පුතු බිහි කරන අවස්ථාවේ, එවකට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධූරය හෙබවූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිටියේ අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය පාමුලය. පුරාණ ශ්‍රී ලංකා අග නගරයේ නම ලද අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා මා පිය අඩි පාරේ ගමන් කරමින් 1977 දී ප්‍රථමවරට නුවරඑළිය මස්කෙළිය ආසනයෙන් දේශපාලන කරලියට පිවිසියේ ය. තම දේශපාලන මෙහෙවර තුළ අනුර බණ්ඩාරනායක මහතා 1983 සිට 1988 දක්වා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස ද, ඉන් පසු ශ්‍රී ලංකාවේ 11 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා හැටියට ද, සේවය කළ අතර ඔහු හෙබවූ අමාත්‍ය ධූර අතර විදේශ කටයුතු, සංචරණය සහ ආයෝජන සහ ජාතික උරුමය ආදිය විය. ඔහු 2008 මාර්තු 16 දින අවසන් හුස්ම හෙලුවේය.