• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1959 සැප්තැම්බර් 26 – බණ්ඩාරනායක අගමැති තුමා ඝාතනය කිරීම

තම ටින්ටජෙල් නිවසේ දී ඝාතකයෙකු විසින් තමා අසලට පැමිණ පෙර දින තැබූ වෙඩි පහරක් හේතු කොට ගෙන 1959 සැප්තැම්බර් 26 දින අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අභාවයට පත් විය. අගමැති පදවිය ලබා තෙවසරකින් සිදු වූ මෙම මරණය හේතු කොට ගෙන සමස්ත ජාතියම ශෝකයට පත් විය. එම අභාවයෙහි ප්‍රතිඵලය වූයේ 1951 දී බණ්ඩාරනායක මහතා පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙහි විශාල හිඩැසක් ඇති වීම ය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් උත්සාහ කළ නමුත් පක්ෂය නායකත්වය ගොඩනැගීම සඳහා ප්‍රශස්ත උපායමාර්ගයක් ඉදිරිපත් කළ නොහැකි වූ බැවින්, යොවුන් වැන්දඹුවට දේශපාලන වේදිකාවට පිවිසීමට සිදු විය. එම පියවරත් සමග දේශපාලන පක්ෂයක ප්‍රථම කාන්තා නායිකාව වූවා පමණක් නොව අනතුරුව මාස කීපයකට පසු ඓතිහාසික කාල පරිච්ඡේදයක‍ට මුල පිරීමට ඇයට හැකි විය.