• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1962 ජනවාරි 27 – බලය ඇල්ලීම සඳහා වූ අසාර්ථක කුමන්ත්‍රණය

1962 ජනවාරි 27 සඳහා සැලසුම් කරන ලද බලය ඇල්ලීම සඳහා වූ කුමන්ත්‍රණය කල් ඇතිව තොරතුරු ලැබීම සහ එය සැලසුම් කළ අය වහාම අත් අඩංගුවට ගත් නිසා ව්‍යාර්ථ කළ හැකි විය. බණ්ඩාරනායක මැතිනිය ආරක්ෂාව සහ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ලේකම් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ සහාය ඇතිව අප්‍රමාදව කටයුතු ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සහතික කොට අපරාධකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය හා විනය ආරක්ෂා කිරීමට පියවර ගත්තා ය.