• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1962 ඔක්තෝබර් 23 – ඉන්දියානු අග්‍රාමාත්‍ය නේරුගේ පැමිණීම

බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මහතාට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා ක‍ළා ය. නාවින්නේ ආයුර්වේද පරීක්ෂණ මධ්‍යස්ථානයේ සමාරම්භය සහ පාර්ලිමේන්තුව අමතා දේශනයක් පැවැත්වීම යන කරුණු දෙකම ඉටු කිරීමට චීන – ඉන්දියා ගැටුම උච්ඡ අවස්ථාවක පැවතිය ද නේරු මහතා ඉමහත් කැමැත්තෙන් එකඟ වූ බැවින් මෙම ගමන ඉතා වැදගත් විය. නේරු සහ බණ්ඩාරනායක සබඳතා ඉතා සමීප තත්ත්වයක තුබූ පසුබිමක, ආයුර්වේද පරීක්ෂණ මධ්‍යස්ථානය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා නමින් නම් කිරීමට නියමිත වූ බැවින් අග්‍රාමාත්‍ය නේරු ආරාධනය සතුටින් පිළිගත්තේ ය.