• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1962 දෙසැම්බර් 10 – සය ජාතික කොළඹ සමුළුව කැඳවීම

ඉන්දියාව සහ චීනය අතර පැවති විරසක භාවය සහ ඈත්වීම ගැන අවධානයෙන් යුක්තව, පසුව කොළඹ සම්මේලනය යනුවෙන් හඳුන්වන ලද, බුරුමය, කාම්බෝජය, ඊජිප්තුව, ඝනාව සහ ඉන්දුනීසියාව නියෝජනය වූ රැස්වීමක්, විරසකව සිටි ආසියානු යෝධයන් දෙදෙනාගේ අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් මැදිහත් වීමට, බණ්ඩාරනායක මැතිනිය විසින් කැඳවන ලදී. කොළඹ සම්මේලනයේ මූලධර්ම සාකච්ඡා සඳහා පදනමක් වශයෙන් ඉන්දියාව විසින් සම්පූර්ණයෙන් පිළිගන්නා ලද අතර චීනය එම මූලධර්ම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත්තේ ය.