• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1963 ඔක්තෝබර් 14 – 17 – චෙකොස්ලෝවැකියාවට පිටත්ව යාම

ප්‍රාග් නගරයට පැමිණි බණ්ඩාරනායක මැතිනිය, චෙකොස්ලෝවැකියාවේ අගමැති ජෝසෆ් ලෙනා‍ට් සහ ජනාධිපති ඇන්ටොනින් නොවොට්නි සමග, විශේෂයෙන් ඒ වන විටත් ය‍ටත් විජිත පාලනයට එරෙහිව අරගල කරමින් හිටි ජාතීන් සමග එකමුතුව කටයුතු කිරීම ගැන අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වී ය. තව ද චෙකොස්ලෝවැකියානු වෙළෙඳ පොළෙහි ලංකාවේ අපනයනයන් වැඩි කිරීම ද සාකච්ඡාවට පාත්‍ර විය.