• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1964 ජනවාරි 23 – ඇපාතීඩ් වර්ණභේද වාදයට විරුද්ධ වීම

බණ්ඩාරනායක මැතිනිය වර්ණභේද වාදයට තරයේ විරුද්ධ වූවා ය. සෙනෙට් සභාව අමතා කථා කරමින් “අපි දකුණු අප්‍රිකාවට එරෙහිව සම්බාධක පැණවීමට දායක වෙමු. එසේ වුව ද, එබඳු සම්බාධක ඵලදායී වීමට ‍ලෝකයේ සියළුම රටවල් එකමුතු විය යුතුය. අප රට වැනි කුඩා රටවල් ඒක පාර්ශ්වීයව සංකේතයක් වශයෙන් සම්බාධක පැනවුව ද ඒවා ප්‍රතිඵල රහිතය” යනුවෙන් බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළාය. බණ්ඩාරනායක මැතිනිය නෙල්සන් මැන්ඩලාට සහ මැන්ඩෙලා ඈපාතීඩ් ග්‍රහනයෙන් තම රට මුදා ගැනීමට දරන අරගලයට සහයෝගය පළ කළා ය. ඇයට මැන්ඩෙලා කිසිදා හමුවී නැතත් බොහෝ අන්තර්ජාතික සමුළුවල දී මෙම ගැටළුවට අවධානය යොමු කළා ය. සිරගෙදරින් නිදහස් වූ පසු, තම දීර්ඝ දුෂ්කර අරගලයට බණ්ඩාරනායක මැතිනිය දැක් වූ සහයෝගය ද ලංකාව සහාය දැක්වූ ආකාරය ද, මැන්ඩෙලා විසින් නිතර නිතර සිහිකරන ලදී. තමා හිරගෙදර සිටින විට බණ්ඩාරනායක මැතිනියගෙන් ලැබුණ දිරිගැන්වීමේ ලිපි ද ඔහු විසින් අගයන ලදී.