• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1964 ඔක්තෝබර් 30 – පුරවැසිභාවය පිළිබඳ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී තේ සහ රබර් වතුවල වැඩ කිරීම සඳහා ගෙනෙන ලද ඉන්දියානු සම්භවයෙන් යුත් මිලියනයක් පමණ පිරිසගේ පුරවැසිභාවය ගැන ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී සමග සම්මුතියකට එළැඹීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය. ඇය 1964 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවට ගිය අවස්ථාවේ දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තබන ලදී. ඒ අනුව 525,000ක් පිරිස ඉන්දියාවට ආපසු යැවීමට ද, 300,000ක් පිරිසට ලංකාවේ පුරවැසිභාවය පිරිනැමීමට ද එකඟත්වය පළ විය.