1965 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය පරාජය වුව ද, අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 16,500කින් දිනාගත් බණ්ඩාරනායක මැතිනිය විරුද්ධ පක්ෂයේ අසුන් ගත්තා ය. මෙහි දී තවත් පළමු වතාවට සිදු වූ සිදුවීමක් වාර්තා කළ බණ්ඩාරනායක මැතිනිය, විරුද්ධ පක්ෂයේ ප්රථම නායිකාව බවට පත් වූවා ය. මෙම තනතුර හයවන පාර්ලිමේන්තුව 1970 මාර්තු 25 දින විසුරුවා හරින තෙක් ඇය දැරුවා ය.