• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1968 ජුනි 05 – ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ආධාරක පදනම ශක්තිමත් කරගනී

බණ්ඩාරනායක මැතිනිය විරුද්ධ පක්ෂයේ සිටිය දීම තම බලය ගොඩනගා ස්ථාවර කරමින් ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග පොදු ගිවිසුමකට අත්සන් කොට එම සියළු පක්ෂ එක සෙවනක් යටතට ගෙන ආවේ ය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී හඳුන්වා දුන් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අරමුණු කළ මෙම ත්‍රිත්වය මෙරට වෙනසක් ඇති කිරීමට එක්ව ක්‍රියා කළේ ය.