• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1971 අප්‍රේල් – යොවුන් නායකත්වයෙන් යුත් කැරැල්ලක් පැනනැගීම

දශකයකට පෙර තම ප්‍රථම අග්‍රාමාත්‍ය ධූර කාලයේ දී කුමන්ත්‍රණයකින් රජය පෙරළීමට ගත් උත්සාහයට නිර්භීත ලෙස මුහුණ දුන් බණ්ඩාරනායක මැතිනිය, තම දෙවන ධූර කාලයේ අවුරුද්දක් ගත වූ තැන, තමන් මුහුණ පෑ ප්‍රධාන අභියෝගයකට මුහුණ පෑවේ ය. එනම් ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ තරුණ නායකත්වය ඇති ආයුධ සන්නද්ධ කැරැල්ලයි. ඉතා කෙටි කාලයක දී නීතිය හා සාමයේ පැවැත්ම සහතික කිරීමට රජය සමත් වූ අතර හදිසි තත්ත්වයක් යටතේ රට පාලනය කිරීමේ කාල පරිච්ඡේදයක් මෙම සිදුවීමත් සමග ආරම්භ විය.