• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1971 ඔක්තෝබර් 21 – කැනඩාවට නිල ගමනක යෙදීම

බණ්ඩාරනායක මැතිනියගේ කැනඩා සංචාරයේ දී සාකච්ඡා කළ ප්‍රධාන මාතෘකා නම් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය මුහුණ පා සිටි ගැටළු, දකුණු ආසියාවේ පැසවමින් පැවති ප්‍රශ්න සහ ලංකාවට ලැබෙන කැනේඩියානු ආධාර වේ. 1971 ආරම්භයේ දී පියරෙ ටෲඩෝ මහතා ලංකාවට පැමිණීම වෙනුවෙන් ලංකාව දක්වන ප්‍රතිචාරයක් හැටියට යෙදුන මෙම කෙටි සංචාරයේ දී විදේශ කටයුතු සහ ආරක්ෂාව පිළිබඳ ඇමිතිණී හැටියට ඇය කැනඩාවේ විදේශ ඇමති මයිකල් ස්ට්‍රැප් මහතා හමුවිය.