• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1971 ඔක්තෝබර් 24 – එක්සත් රාජධානියෙහි නිල සංචාරය

එක්සත් රාජධානියෙහි දින 4ක නිල සංචාරයක යෙදෙමින් අගමැති එඩ්වඩ් හීත් මහතාගේ අමුත්තියක ලෙස එහි රැඳී සිටි බණ්ඩාරනායක මැතිනිය, මෙම වසරේ මුල් කාලයේ දී ලංකාවේ පැවති තරුණ කැරැල්ල සමනය කිරීමට එක්සත් රාජධානියෙන් ලැබුණ ආධාර ගැන ප්‍රසාදය පළ කළාය. මහ රැජින, අගමැති සහ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ශ්‍රීමත් ඩග්ලස් හෝම් හමුවීමට අමතරව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පොදු වෙළෙඳ ‍පොළ සාකච්ඡා කරු ජ්‍යොෆ්‍රි රිපොන් හමු වූ අවස්ථාවේ දී යුරෝපීය ආර්ථික හවුලට බ්‍රිතාන්‍යය එකතු වීම ලංකාව කෙරෙහි බලපාන ආකාරය සාකච්ඡා කළාය. ලන්ඩනයට ගිය ගමනේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් ආර්නෝල්ඩ් ස්මිත් මහතා හමුවී ලංකා රජය සැලකිලිමත් වන කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා ගත්තා ය.