• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1972 – ඉඩම් ප්‍රතිසංස්කරණ පනත

ඉඩම් සහ ජී‍වනෝපාය සඳහා රට තුළ පොදුවේ පවතින බලවත් ඉල්ලීම හඳුනාගත් බණ්ඩාරනායක මැතිනිය මේ ගැන විමසා බැලීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පත් කළාය. ඉඩම් නැවත බෙදා හැරීමේ කාර්යභාරය පැවරුන මෙම කොමිසම, වැඩිහිටියකුට අයිති කරගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 50ට සීමා කරන අතර, පවුලකට අයිති කරගත හැකි නිවාස සංඛ්‍යාව ද සීමා කරන නීති සම්පාදනය කළේය. මෙම යාන්ත්‍රණය මගින් 5,500ක් ඉඩම් හිමියන්ට අයිතිව තුබූ ඉඩම් අක්කර 400,000ක් බෙදා දීම සඳහා ලැබුණි. මේ අනුව රත්වත්තේ සහ බණ්ඩාරනායක පවුල්වලට අයත්ව තුබූ ඉඩම් අක්කර 2,500ක් බණ්ඩාරනායක මැතිනිය ද බෙදා දීම සඳහා පිරිනැමුවා ය.