ආසියාව සහ ඈත පෙරදිග සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසමේ කොළඹ පැවති රැස්වීමේ මුඛ්‍ය දේශනය පවත්වමින් ලෝක පොහොර අරමුදලක් ඇති කිරීම යෝජනාවක් වශයෙන් බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කළාය. මෙම අදහසට සහාය පළ වූ බැවින්, එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසම ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ඉදිරිපත් කළ යෝජනාව අනුමත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොහොර සංචිතයක් වර්ධනය සඳහා හදිසි සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ලෝක ආහාර සංවිධානයට පවරන ලදී. මෙම සැලැස්ම ක්‍රියාවට නංවනු ලැබී ය. මෙයින් මාස හතරකට පසු අන්තර්ජාතික පොහොර සම්පාදන යෝජනා ක්‍රම අරමුදල පිහිටවනු ලැබී ය.