• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1974 සැප්තැම්බර් 04 – 09 – පකිස්ථාන සංචාරය

අගමැති සුල්ෆිකාර් අලි බූටෝ මහතාගේ ආරාධනය පරිදි බණ්ඩාරනායක මැතිනිය 1974 දී පකිස්ථානයේ රාජ්‍ය නිල ගමනක යෙදුනා ය. ඇයගේ ගමනේ දී සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව රැස්කරන ලද රැස්වීමක් ඇමතීමේ අවස්ථාව බණ්ඩාරනායක මැතිනියට ලැබුණි. ශ්‍රී ලාංකිකයකු ප්‍රථමවරට ලබාගත් මෙම අවස්ථාව, දුර්ලභව පිරිනැමෙන ගෞරවයක් වන අතර, මෙතෙක් එය ලබා ඇති සංඛ්‍යාව ඉතා අල්පය. සංවර්ධන කටයුතු නැරඹීම සඳහා බණ්ඩාරනායක මැතිනිය කරච්චියට ද ගියාය.