• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1975 ජුනි 10 – ජීනීවා හී පැවති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සැසිවාරය

අන්තර්ජාතික කාන්තා වර්ෂය තුළ, මානව වර්ගයාගේ ප්‍රගතිය සඳහා කාන්තා කාර්යභාරය යන තේමාවට කැප වූ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සැසිවාරයට, විශේෂ අමුත්තියක වශයෙන් බණ්ඩාරනායක මැතිනිය සහභාගී වූවාය. මහා සභාවේ මුඛ්‍ය දේශනය පවත්වමින් සාමය, යුක්තිය සහ සමානාත්මතාවයේ ප්‍රගතිය පිණිස නැවත පනගන්වනු ලබන කැපවීමකින් ක්‍රියා කරන ලෙස ඇය ආයාචනය කළාය. ස්විට්සර්ලන්තයේ ගත කළ කාලය තුළ ඇය 77 කණ්ඩායම ද ඇමතුවා ය.