• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

කාලනිර්ණය


2000 ඔක්තෝබර් 14 – අවසන් ගමන

කාන්තාවන් සඳහා වූ ගමන් මග පෙන්වා දී, නොබැඳි පිළිවෙතෙහි අගය ආරක්ෂා කොට ප්‍රවර්ධනය කළ, සංවර්ධනය වන රටවල අභිප්‍රාය ප්‍රකාශයට පත් කළ, ආදර්ශමත් නායිකාවකගේ නික්ම යාම ගැන ලෝකයේ ජාතීන් ශෝක වූ අතර, එම පුවත ලොව පුරා…

2000 ඔක්තෝබර් 10 – යුගයක අවසානය

2000 වර්ෂයේ මහජන ඡන්දයේ දී නිට්ටඹුවේ සංඝබෝධි මහා විද්‍යාලයේ දී තම ඡන්දය ප්‍රකාශ කළ බණ්ඩාරනායක මැතිනිය, තම අවසන් ප්‍රජා සේවය ඉටු කිරීමෙන් පසු කොළඹට එන අතර මග, උත්කෘෂ්ට සේවයකට කැප වූ ජීවිතයක් අවසන් කරමින්, සාමකාමී…

2000 අගෝස්තු 10 – අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම

අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී දේශපාලන ක්‍ෂෙත්‍රයෙන් විශ්‍රාම ගත්තාය. ඇය 84 වන වියේ දී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන විට ලෝකයේ සේවයෙහි නියුතු වඩාත්ම වයෝවෘද්ධ අගමැති / අගමැතිණි ඇය විය. ඇයගේ…

1994 නොවැම්බර් 14 – ජනාධිපති මැතිවරණය

මහජන ඡන්දය පවත්වා මාස කීපයකට පසු 1994 නොවැම්බර් මාසයේ දී ජනාධිපති මැතිවරණය පවත්වන ලදී. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට මුළු ඡන්ද ගණනින් 62%ක් ලැබුණි. ඒ අනුව ඇය අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වී වඩා උසස් තනතුර භාර ගත්තාය.…

1994 අගෝස්තු 19 – කාර්ය නියමයක් නැති ඇමති

දේශපාලන පක්ෂවල එකතුවක් වූ මහජන පෙරමුණෙහි ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන භූමියේ ඉහළම තලයට ගෙන එමින් මුළු ඡන්ද ගණනින් 48.94%ක් ලබාගත් බණ්ඩාරනායක මැතිනියගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 1994 මහජන ඡන්දයෙන්…

1994 ජුනි 11 – බණ්ඩාරනායක අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

වෘත්තීය විදේශ සේවයට සහාය වන්නා වූ වෘත්තියක් වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සේවයෙහි යෙදෙන්නන්ට මනා පුහුණුවක් ලබාදෙන රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම බණ්ඩාරනායක මැතිනිය ආරම්භ කළා ය. ලංකා විදේශ සේවයේ පළමු කණ්ඩායමට අයත් එවකට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක…

1989 මාර්තු 09 – දෙවනවරටත් විරුද්ධ පක්ෂයේ නායිකාව වීම

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, 1989 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව රැස් වූ පසු, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විරුද්ධ පක්ෂයේ නායිකාව හැටියට පත් කරන ලදී. මෙම තනතුර 1994 ජුනි 24 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු ඇය ඉසිළුවාය.

1989 පෙබරවාරි 15 – මහජන ඡන්දයෙන් පරාජය වීම

1988 දෙසැම්බර් 20 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව 1989 පෙබරවාරි මාසයේ මහජන ඡන්දය පැවැත්වීමට නියමිත විය. බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසක 67ක් හිමි වීමෙන් පාර්ලිමේන්තුවෙහි විශාලත්වය අතින් දෙවන තැන ගත් දේශපාලන…

1988 දෙසැම්බර් 19 – ජනාධිපති මැතිවරණයේ දී පරාජය වීම

බණ්ඩාරනායක මැතිනිය ප්‍රථමවරට 1988 දී ජනාධිපති තේරීමේ ඡන්දයට ඉදිරිපත් වූවා ය. ඉන්දු ලංකා සාම සම්මුතිය, 13 වන ව්‍යවස්ථා සංශෝධනය, ඉන්දියානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම සහ පවත්නා රජය විසින් දේශපාලන ආධාරකරුවන් මර්දනය කිරීම…

1988 නොවැම්බර් 13 – ජනාධිපති මැතිවරණයේ දී තරඟ කිරීම

1988 දෙසැම්බර් 19 දින පැවැත්වීමට නියමිත වූ ජනාධිපති මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු තම ප්‍රථම රැස්වීම නිට්ටඹුවේ පැවැත්වීමෙන් බණ්ඩාරනායක මැතිනිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළාය. නැවත වාරයක් දේශපාලන ප්‍රධාන ප්‍රවාහයට ඇතුල් වූ බණ්ඩාරනායක මැතිනිය…

1987 ජුලි 29 – ඉන්දු – ලංකා සම්මුතියට විරුද්ධ වීම

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි මහතා අතර අත්සන් තබන ලද ඉන්දු - ලංකා සම්මුතියට බණ්ඩාරනායක මැතිනියගේ බලවත් විරෝධය පලකරන ලදී. ව්‍යාපාරයේ පෙරමුණ ගනිමින්, බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ පුත් විරුද්ධ පක්ෂයේ නායක…

1986 ජනවාරි 01 – පුජා අයිතීන් ප්‍රතිෂ්ඨාපනය

1980 දී ඉවත් කරන ලද බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය 1986 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා නිකුත් කළ ආඥාවක් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. එවකට ජීවතුන් අතර නොසිටි හිටපු ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ ප්‍රජා අයිතීන් මරණින්…

1984 ‍නොවැම්බර් 05 – ඉන්දියා අගමැති ඉන්දිරා ගාන්ධි මැතිනිය ඝාතනය කිරීම

1984 ඔක්තෝබර් 31 දින ඉන්දියා අගමැති ඉන්දිරා ගාන්ධි මැතිනිය ඝාතනය කිරීම මුළු ලොවම කම්පාවට පත් කළේය. 1956 දී ගාන්ධි මැතිනිය ලන්ඩනයේ දී ප්‍රථමවරට හමු වූ දිනයේ පටන්, අවුරුදු 30කට ආසන්න කාලයක් පුරා සමීප මිත්‍රත්වයකින් පසු…

1980 ඔක්තෝබර් 16 – සිවිල් නුසුදුසුකම පැනවීම

බණ්ඩාරනායක මැතිනිය 1977 දී මහජන ඡන්දයෙන් පරාජය වීමත් සමග, ජයවර්ධන ආණ්ඩුව විසින් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මගින්, අග්‍රාමාත්‍ය හැටියට සේවය කළ කාලයේ දී බණ්ඩාරනායක මැතිනිය බලය අවභාවිතා කළ බව තීන්දු කළේ ය. ඇයගේ මෙන්ම…

1980 මැයි 08 – යුගෝස්ලෝවියානු ජනාධිපති මාෂල් ජෝසප් බ්‍රොස් ටිටෝ මහතාගේ අවමංගල උත්සවය

බණ්ඩාරනායක මැතිනියගේ සමීප සගයකු හා මිතුරකු වන අතර ම නොබැඳි ව්‍යාපාරයේ සහාය නායකයකු වූ යුගෝස්ලෝවියානු ජනාධිපති මාෂල් ජෝසප් බ්‍රොස් ටිටෝ සමග ඇය බොහෝ අන්තර්ජාතික වේදිකා මත එකට අසුන් ගනිමින් නොබැඳි ව්‍යාපාරයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට…

1977 ජුලි 21 – මහජන ඡන්දයෙන් පරාජය වීම

1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ පවත්වන ලද එකම මහජන ඡන්දය වන 1977 මහජන ඡන්දයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් නොවූ විරූ පරාජයකට පත්විය. තුනෙන් දෙකක වැඩි ඡන්දයක් ලබා සිටි තත්ත්වයේ සිට ආසන අටක් ලබන තුන්වන…

1977 මැයි 18 – පළමු ජාතික රාජ්‍ය සභාව විසිරුවා හැරීම

1977 මැයි මාසයේ දී ප්‍රථම ජාතික රාජ්‍ය සභාව විසුරුවා හැරීමෙන් පසු ශ්‍රී ලංකාවේ 8වන පාර්ලිමේන්තුව ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම සඳහා වන මහජන ඡන්දයට බණ්ඩාරනායක මැතිනිය සූදානම් වූවා ය.

1977 මැයි 12 – ලෝක ආහාර සංවිධානයේ සිරෙස් (Ceres) පදක්කම ලැබීම

බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ ආහාර ස්වයංපෝෂණ ක්ෂේත්‍රය තුළ ලබාදුන් දායකත්වය පිළිගැනීමට පාත්‍ර කරමින් ඇයට සිරෙස් පදක්කම ප්‍රදානය කරන ලදී. අධ්‍යක්‍ෂ ජනරාල් එඩුආඩ් සෞමා විසින් කෘෂිකර්මය පිළිබඳ රෝමානු දෙවඟන නමින් නම් කරන ලද මෙම පදක්කම කොළඹ…

1976 නොවැම්බර් 12 – 18 – ජපානයට යාම

නැගෙනහිර ආසියා සංචාරයේ අවසාන පියවර වූයේ ටෝකියෝවට යාමයි. එහිදී ජපාන අග්‍රාමාත්‍ය ටකේඩ් මිකී සමග පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් වැඩිපුර ව්‍යාපෘති ආධාර සහ ප්‍රදාන වශයෙන් ලැබෙන ආධාර හිමිවිය. මිකිමෝටෝ පර්ල් දූපතට ද, කියෝටෝ නගරයට ද…

1976 නොවැම්බර් 08 – 11 – පිලිපීනයට යාම

බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ නියෝජිත පිරිසගේ නැගෙනහිර ආසියා සංචාරයේ දෙවන පියවර වූ යේ මැනිලාවට යාම යි. තුන් දින සංචාරය ආරම්භයේ දී ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් සහ ඉමෙල්ඩා මාකෝස් මැතිනියගෙන් බණ්ඩාරනායක මැතිනියට උණුසුම් පිළිගැනීමක් හිමි විය. අනතුරුව,…