Author Archives: kosala

1963 ජුනි 19 – දකුණු වියට්නාමයේ බෞද්ධයන් වධහිංසාවලට භාජන කිරීම ගැන සැලකිලිමත් වීම

දකුණු වියට්නාමයේ බෞද්ධයන්ට වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සැලකිල්ල යොමු කිරීම සඳහා ලංකාව මුලික‍ත්වය ගෙන ක්‍රියා කළේ ය. ඉන්දියානු අගමැති නේරු, බුරුමයේ නායක ජනරාල් නේවින්, ලාඔසයේ අගමැති සුවන්න ෆූමා කුමරු, කාම්බෝජයේ නායක සිහනුක් කුමරු, ජපානයේ අගමැති ඉකේඩා, තායිලන්තයේ අගමැති තනරත් සහ නේපාලයේ මහේන්ද්‍ර රජ යන අයට ලිපි යවා වියට්නාමයේ බෞද්ධයන්ගේ දුක් පීඩා අඩු කිරීමට

1963 ජුනි 05 – තෙල් සමාගම් පවරා ගැනීම

සියළු පැට්රෝලියම් නිෂ්පාදන ලංකාවට ගෙන්වීම හා බෙදාහැරීම ලංකා ඛනිජ ‍තෙල් සංස්ථාව විසින් පමණක් කළ යුතු බව 1963 ජුනි මාසයේ දී බණ්ඩාරනායක මැතිනිය තීරණය කළාය. විදේශ විනිමය සංරක්ෂණයට සතුටුදායක සංරක්ෂණ යාන්ත්‍රණයක් නොමැති වීම සහ තෙල් සැපයුම අඛණ්ඩ ලෙස සිදුවීම සහතික කිරීමට මෙම පියවර ගන්නා ලදී. මේ අනුව 1963 ලංකා ඛනිජ තෙල් සංස්ථා පනත, 1963 අගෝස්තු 22

1963 ජනවාරි 12 – කොළඹ යෝජනා සඳහා කැමැත්ත ලබා ගැනීමට ඉන්දියාව බලා පිටත්ව යාම

ඉන්දියාව හා චීනය අතර පැවති අර්බුධකාරී තත්ත්වය ගැන කොළඹ දී එළඹුන තීරණ ගැන ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරුගේ කැමැත්ත ලබා ගැනීමට බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාව බලා පිටත්ව ගියා ය. බණ්ඩාරනායක මැතිනිය නව දිල්ලියේ දී කථා කරමින් “යුද්ධය කිසිදු ප්‍රශ්නයක් නොවිසඳයි. එය තවත් ප්‍රශ්න ඇති කරයි. මෙය ඉතිහාසය විසින් අපට උගන්වා ඇති පාඩමක් බව මම විශ්වාස කරමි” යනුවෙන්

1963 ජනවාරි 08 – කොළඹ යෝජනා සඳහා එකඟත්වය ලබා ගැනීමට චීනය බලා පිටත්වීම

කොළඹ සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන චීනය දැනුවත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය චීනය බලා පිටත්ව ගියා ය. ඇයගේ ප්‍රයත්නය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය දැරූ ආරම්භක ප්‍රයත්නය ගැන චීනය තම කෘතඥතාවය පල කළේය. බැංඩුං සිද්ධාන්ත නැවත තහවුරු කිරීමට මෙම සුදුසු අවස්ථාවක් විය. ඒ අනුව දැනට මතු වී ඇති ප්‍රශ්නය පමණක් නොව මෙම

1962 දෙසැම්බර් 10 – සය ජාතික කොළඹ සමුළුව කැඳවීම

ඉන්දියාව සහ චීනය අතර පැවති විරසක භාවය සහ ඈත්වීම ගැන අවධානයෙන් යුක්තව, පසුව කොළඹ සම්මේලනය යනුවෙන් හඳුන්වන ලද, බුරුමය, කාම්බෝජය, ඊජිප්තුව, ඝනාව සහ ඉන්දුනීසියාව නියෝජනය වූ රැස්වීමක්, විරසකව සිටි ආසියානු යෝධයන් දෙදෙනාගේ අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් මැදිහත් වීමට, බණ්ඩාරනායක මැතිනිය විසින් කැඳවන ලදී. කොළඹ සම්මේලනයේ මූලධර්ම සාකච්ඡා සඳහා පදනමක් වශයෙන් ඉන්දියාව විසින් සම්පූර්ණයෙන් පිළිගන්නා ලද

1962 ඔක්තෝබර් 23 – ඉන්දියානු අග්‍රාමාත්‍ය නේරුගේ පැමිණීම

බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මහතාට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා ක‍ළා ය. නාවින්නේ ආයුර්වේද පරීක්ෂණ මධ්‍යස්ථානයේ සමාරම්භය සහ පාර්ලිමේන්තුව අමතා දේශනයක් පැවැත්වීම යන කරුණු දෙකම ඉටු කිරීමට චීන – ඉන්දියා ගැටුම උච්ඡ අවස්ථාවක පැවතිය ද නේරු මහතා ඉමහත් කැමැත්තෙන් එකඟ වූ බැවින් මෙම ගමන ඉතා වැදගත් විය. නේරු සහ බණ්ඩාරනායක සබඳතා ඉතා සමීප තත්ත්වයක

1962 අප්‍රේල් 30 – ඇමෙරිකානු න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට විරුද්ධ වීම

දශක ගණනාවක් තිස්සේ බලපැවැත් වූ හානියක් සිදු වීම සමග හිරෝෂිමා සහ නාගසාකි විනාශය ද සැලකිල්ලට ගත් ලංකාව, ඇමෙරිකාව න්‍යෂ්ටික මෙවලම් අත්හදා බැලීම ගැන අප්‍රමාදව ප්‍රතිචාර දැක්වීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතාට ලිපියක් යවමින් “මෙම පරීක්ෂණ නවත්වන ලෙස ලෝකය පුරා ඉල්ලීමක් පවතින අතරම දැනට ජිනීවාහී පැවැත්වෙන සාකච්ඡා කෙරෙහි ලෝකයේ බලාපොරොත්තු එක්තැන් වී පවතින

1962 මාර්තු 02 – විලියම් ගොපල්ලව මැතිතුමා අග්‍රාණ්ඩුකාර ධූරයට පත් කිරීම

ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාර ධූර කාලයෙන් පසු දෙවන එලිසබත් මහරැජිනගේ අනුමැතිය ඇතිව විලියම් ගොපල්ලව මැතිතුමා අග්‍රා‍ණ්ඩුකාර ලෙස පත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය වගබලා ගත්තා ය. ඔහු 1962 මාර්තු 02 දින පෙ.ව. 8.57ට අග විනිසුරු එච්.එච්. බස්නායක මහතා සහ අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

1962 ජනවාරි 27 – බලය ඇල්ලීම සඳහා වූ අසාර්ථක කුමන්ත්‍රණය

1962 ජනවාරි 27 සඳහා සැලසුම් කරන ලද බලය ඇල්ලීම සඳහා වූ කුමන්ත්‍රණය කල් ඇතිව තොරතුරු ලැබීම සහ එය සැලසුම් කළ අය වහාම අත් අඩංගුවට ගත් නිසා ව්‍යාර්ථ කළ හැකි විය. බණ්ඩාරනායක මැතිනිය ආරක්ෂාව සහ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ලේකම් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ සහාය ඇතිව අප්‍රමාදව කටයුතු ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සහතික කොට අපරාධකරුවන් අත්

1961 දෙසැම්බර් 12 – එක්සත් ජනපදයේ රබර් ප්‍රතිපත්තියට එරෙහි ස්ථාවරයට ලංකාව නායකත්වය දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් භාණ්ඩ බැහැර කිරීමේ නව ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමග, ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් සංචිතවලින් ස්වභාවික රබර් මුදාහැරීම හේතු කොට ගෙන, ලෝක වෙළෙඳ පොළෙහි රබර් මිල පහත වැටුණි. ලංකාව සම්බන්ධයෙන් රබර් කර්මාන්තය දරන වැදගත්කම සහ රබර් මිල පහත වැටීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ඇතිවන බරපතල අහිතකර ප්‍රතිඵල ගෙනහැර දැක් වූ බණ්ඩාරනායක මැතිනිය, මේ

1961 නොවැම්බර් 21 – විපස්සනා භාවනා මධ්‍යස්ථානය

විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ආරම්භක සභාපතිනිය වූ බණ්ඩාරනායක මැතිනිය, 1961 නොවැම්බර් මාසයේ දී එම සංවිධානයේ නව ගොඩනැගිල්ල විවෘත කළා ය. 1955 සිට මෙම මධ්‍යස්ථානය භාවනා සඳහා කැප විය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ චින්තනය අනුව බිහි වූ කොළඹ නගරය මධ්‍යයේ ඉදිකරන ලද මෙම මධ්‍යස්ථානය, බණ්ඩාරනායක මැතිනිය විසින් තම ජීවිත කාලය පුරා රැක බලා ගන්නා ලදී.

1961 සැප්තැම්බර් 01 – 06 – බෙල්ග්‍රේඩ් හී පැවති ප්‍රථම නොබැඳි සමුළු නායක රැස්වීම

යුගෝස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් හී පැවති ප්‍රථම නොබැඳි සමුළු නායකයන්ගේ රැස්වීමට සහභාගී වීමෙන් බණ්ඩාරනායක මැතිනිය නේරු, ටිටෝ, සුතර්නෝ, නසර් සහ න්කෘමා වැනි ශ්‍රේෂ්ඨ ලෝක නායකයන් සමග නොබැඳි ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකයෙකු වූවා ය. බෙල්ග්‍රේඩ් හී සමුළුව අමතමින් “මගේ රටේ නියෝජිත හැටියට පමණක් නොව, කාන්තාවක් සහ මාතාවක් හැටියට මිලියන ගණනක කාන්තාවන් සහ මවුවරුන්ගේ හැඟීම් සහ සිතුම් පැතුම් හඳුනන කෙනෙකු

1961 මාර්තු 17 – ප්‍රථම නිල ගමන – 11 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මේලනය

පොදු රාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ 11 වන සම්මේලනයට සහභාගි වීමට තම ප්‍රථම නිල ගමනෙහි යෙදෙමින් ලන්ඩනයට යාම සමග බණ්ඩාරනායක මැතිනිය ලෝක රාජ්‍යතාන්ත්‍රික වේදිකාවට පිවිසියා ය. කාන්තා රාජ්‍ය නායිකාවක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙහි දී ඇය එක්සත් රාජධානියේ හැරල්ඩ් මැක්මිලන්, ඉන්දියාවේ ජවහර්ලාල් නේරු, පකිස්ථානයේ අයුබ්ඛාන්, ඕස්ට්‍රේලියාවේ රොබට් මෙන්සීස්, සයිප්‍රසයේ මකාරියෝස් III

1960 අගෝස්තු 05 – සෙනෙට් සභිකයකු ලෙස දිවුරුම් දීම

අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසු, මාස තුනක් ඇතුළත, බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේ හෝ එවකට පැවති ඉහළ මන්ත්‍රී මණ්ඩලය වූ සෙනෙට් සභාවේ අසුනක් ලබා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ අනුව කණිෂ්ඨ ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෙකු හැටියට සෙනෙට් සභාවට පත්වීමට බණ්ඩාරනායක මැතිනියට අවස්ථාව ලැබුණි.

1960 ජුලි 21 – ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ඡන්දයෙන් තේරී පත්වීම

ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වීමත් සමග බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව බවට පත් වූවා ය. 1960 වර්ෂයේ පැවති දෙවන මහ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ර‍ට පාලනය කිරීම සඳහා පහසු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නේ ය. 1960 ජුලි 21 දින සවස 4.30ට ආණ්ඩුකාර තැන්පත් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ ඔහුගේ නිවසේ දී බණ්ඩාරනායක මැතිනිය

1959 සැප්තැම්බර් 26 – බණ්ඩාරනායක අගමැති තුමා ඝාතනය කිරීම

තම ටින්ටජෙල් නිවසේ දී ඝාතකයෙකු විසින් තමා අසලට පැමිණ පෙර දින තැබූ වෙඩි පහරක් හේතු කොට ගෙන 1959 සැප්තැම්බර් 26 දින අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අභාවයට පත් විය. අගමැති පදවිය ලබා තෙවසරකින් සිදු වූ මෙම මරණය හේතු කොට ගෙන සමස්ත ජාතියම ශෝකයට පත් විය. එම අභාවයෙහි ප්‍රතිඵලය වූයේ 1951 දී බණ්ඩාරනායක මහතා පිහිට වූ ශ්‍රී

1949 පෙබරවාරි 15 – අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක පුතු ඉපදීම

සිරිමා බණ්ඩාරනායක මැතිනිය තම පුතු බිහි කරන අවස්ථාවේ, එවකට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධූරය හෙබවූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිටියේ අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය පාමුලය. පුරාණ ශ්‍රී ලංකා අග නගරයේ නම ලද අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා මා පිය අඩි පාරේ ගමන් කරමින් 1977 දී ප්‍රථමවරට නුවරඑළිය මස්කෙළිය ආසනයෙන් දේශපාලන කරලියට පිවිසියේ ය. තම

1945 ජුනි 29 – චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක දියණිය බිහිවීම

බණ්ඩාරනායක පවුලේ දෙවන වැඩිමහල් දියණිය ද, වෙන්ඩ්වර්ත් හී දී උපත ලැබුවා ය. පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි ඇය ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂිකාවක් ලෙස පත්වීම ලැබුවා ය. බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමතිනිය ලෙසත්, අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය තුමිය හැටියට සහ ශ්‍රී ලංකා ජනාධිපතිනිය හැටියට ද,

1943 ජුලි 27 – සුනේත්‍රා ඩයස් බණ්ඩාරනායක දියණිය බිහිවීම

අග්‍රාමාත්‍ය දෙපලකගේ වැඩිමහල් දියණිය වූ සුනේත්‍රා ඩයස් බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රථම කොළඹ නිවස වූ වෙන්ඩ්වර්ත් හීදී උපත ලැබුවා ය. සුනේත්‍රා කලාව, ත්‍යාගශීලිත්‍වය සහ පරාර්ථචර්යාවට කැපවූ ජීවිතයක් ගත කරන්නීය. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය, දේශපාලනය සහ අර්ථ ශාස්ත්‍රය ගැන ගෞරව උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව සුනේත්‍රා සිය මවගේ දෙවන නිල කාලයේ දී ශ්‍රී ලංකා නිදහස්

1941 – ලංකා මහිලා සමිතියේ සාමාජිකත්වය ලබා ගැනීම

ග්‍රාමීය ප්‍රදේශවල පැවති තත්ත්වය නඟාසිටුවමින්, දුර බැහැර ගම් නියම් ගම්වල සමාජ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් කාන්තා ව්‍යාපාරයක් හැටියට 1930 වසරේ දී වෛද්‍ය මේරි රත්නම් මැතිනිය විසින් ලංකා මහිලා සමිතිය පිහිටුවන ලදී. විවාහයෙන් කෙටි කලකට පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1941 දී ලංකා මහිලා සමිතියේ සාමාජිකත්වය ලබා ගත් අතර, එම වකවානුවේ දී ම තවත්