Author Archives: kosala

1940 ඔක්තෝබර් 03 – එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමග විවාහ වීම.

මහවෙලතැන්නේ වලව්වේ වැඩිමහල් දියණිය හොරගොල්ලේ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පුතු සමග විවාහ වූවාය. පවුලේ පාරම්පරික සිරිත් අනුව ඉමහත් උත්සවාලංකාරයෙන් එය පැවැත්විණි. එවකට සෞඛ්‍ය සහ පළාත් පාලනය භාර ඇමති හැටියට කටයුතු කළ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා, බලංගොඩට ගිය නිල ගමනක දී සිරිමාවෝගේ නිවසට ගොස් ඇත. මෙම ප්‍රථම හමුවීම 1940 ඔක්තෝබර් 03

1916 අප්‍රේල් 17 – සිරිමාවෝ රත්වත්තේ මැතිනිය ඉපදීම

මහනුවර බාන්ස් රත්වත්තේ දිසාව සහ මහවෙලතැන්නේ වලව්වේ රොසලින් මහවෙලතැන්නේ කුමාරිහාමිට දාව දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය හැටියට සිරිමාවෝ රත්වත්තේ මැතිනිය උපත ලැබුවා ය. පවුලේ අනෙක් දූ පුතුන් වූයේ බාන්ස්, පැට්ට්‍රීසියා, මැකී, සීවලී සහ ක්ලිෆ්ඩ් ය. ඇගේ පියා වූ රටේ මහත්තයා ආණ්ඩුකරණ කටයුතුවල ක්‍රියාශීලී ලෙස නිරත වූ අතර, මව ගෘහණියක් ලෙස කටයුතු කිරීමට අමතරව