Author Archives: kosala

විපස්සනා භාවනා මධ්යස්ථානය

11 වැනි පොදු රාජ්ය මණ්ඩලීය නායක සමුළුව

සෙනෙට් සභික ලෙස දිවුරුම් දීම

අගමැති බණ්ඩාරනායක ඝාතනය

ලංකා මහිලා සමිතිය සමග එක් වීම

S.W.R.D. බණ්ඩාරනායක සමග විවාහය

සිරිමාවෝ රත්වත්තේ උපත

1974 ජුනි 26 – ශ්‍රී ලංකාවට කච්චතිවු දූපත ලැබීම

පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතිවු දූපත, බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග පැවැත් වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, සමුද්‍ර සීමාවේ ශ්‍රී ලංකාවට අයත් කොටසේ පිහිටි බවට එකඟත්වය පලවිය. බොහෝ දෙනෙකු විසඳීමට උත්සාහ කළ ද, විසඳීමට නොහැකි වූ දිගු කලක පටන් පැවති මෙම ගැටළුව ඉන්දියා – ලංකා අග්‍රාමාත්‍ය දෙපලගේ එකඟත්වය

1963 ජනවාරි 08 – කොළඹ යෝජනා සඳහා එකඟත්වය ලබා ගැනීමට චීනය බලා පිටත්වීම

කොළඹ සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන චීනය දැනුවත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය චීනය බලා පිටත්ව ගියා ය. ඇයගේ ප්‍රයත්නය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය දැරූ ආරම්භක ප්‍රයත්නය ගැන චීනය තම කෘතඥතාවය පල කළේය. බැංඩුං සිද්ධාන්ත නැවත තහවුරු කිරීමට මෙම සුදුසු අවස්ථාවක් විය. ඒ අනුව දැනට මතු වී ඇති ප්‍රශ්නය පමණක් නොව මෙම

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start blogging!

2000 ඔක්තෝබර් 14 – අවසන් ගමන

කාන්තාවන් සඳහා වූ ගමන් මග පෙන්වා දී, නොබැඳි පිළිවෙතෙහි අගය ආරක්ෂා කොට ප්‍රවර්ධනය කළ, සංවර්ධනය වන රටවල අභිප්‍රාය ප්‍රකාශයට පත් කළ, ආදර්ශමත් නායිකාවකගේ නික්ම යාම ගැන ලෝකයේ ජාතීන් ශෝක වූ අතර, එම පුවත ලොව පුරා සිරස්තල පැහැරගත්තේ ය. අත්තනගල්ලේ හොරගොල්ල සමාධියෙහි තම ස්වාමියා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ දේහය අසල තැන්පත් කළ බණ්ඩාරනායක මැතිනියගේ දේහයට දහස්

2000 ඔක්තෝබර් 10 – යුගයක අවසානය

2000 වර්ෂයේ මහජන ඡන්දයේ දී නිට්ටඹුවේ සංඝබෝධි මහා විද්‍යාලයේ දී තම ඡන්දය ප්‍රකාශ කළ බණ්ඩාරනායක මැතිනිය, තම අවසන් ප්‍රජා සේවය ඉටු කිරීමෙන් පසු කොළඹට එන අතර මග, උත්කෘෂ්ට සේවයකට කැප වූ ජීවිතයක් අවසන් කරමින්, සාමකාමී ලෙස අවසන් හුස්ම හෙලුවාය

2000 අගෝස්තු 10 – අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම

අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී දේශපාලන ක්‍ෂෙත්‍රයෙන් විශ්‍රාම ගත්තාය. ඇය 84 වන වියේ දී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන විට ලෝකයේ සේවයෙහි නියුතු වඩාත්ම වයෝවෘද්ධ අගමැති / අගමැතිණි ඇය විය. ඇයගේ අස්වීමත් සමග තුන්වරක් අග්‍රාමාත්‍ය ධූරය ද, දෙවරක් විරුද්ධ පක්ෂයේ නායක ධූරය ද හොබවමින් දීප්තිමත් ශිඛර පසු කළ දශක හතරක් දීර්ඝ

1994 නොවැම්බර් 14 – ජනාධිපති මැතිවරණය

මහජන ඡන්දය පවත්වා මාස කීපයකට පසු 1994 නොවැම්බර් මාසයේ දී ජනාධිපති මැතිවරණය පවත්වන ලදී. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට මුළු ඡන්ද ගණනින් 62%ක් ලැබුණි. ඒ අනුව ඇය අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වී වඩා උසස් තනතුර භාර ගත්තාය. සිරිමා බණ්ඩාරනායක මැතිනිය තුන්වන වරටත් අග්‍රාමාත්‍ය හැටියට දිවුරුම් දුන්නාය. 2000 අගෝස්තු මාසයේ දී ඉල්ලා අස්වන තුරු ඇය එම තනතුර දැරුවාය.

1994 අගෝස්තු 19 – කාර්ය නියමයක් නැති ඇමති

දේශපාලන පක්ෂවල එකතුවක් වූ මහජන පෙරමුණෙහි ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන භූමියේ ඉහළම තලයට ගෙන එමින් මුළු ඡන්ද ගණනින් 48.94%ක් ලබාගත් බණ්ඩාරනායක මැතිනියගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 1994 මහජන ඡන්දයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගත්තා ය. රජයේ වැඩිම ජ්‍යෙෂ්ඨත්වය හිමි බණ්ඩාරනායක මැතිනිය, ඇයගේ දියණිය අග්‍රාමාත්‍ය හැටියට දිවුරුම් දීමෙන් අනතුරුව, කාර්ය නියමයක්

1994 ජුනි 11 – බණ්ඩාරනායක අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

වෘත්තීය විදේශ සේවයට සහාය වන්නා වූ වෘත්තියක් වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සේවයෙහි යෙදෙන්නන්ට මනා පුහුණුවක් ලබාදෙන රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම බණ්ඩාරනායක මැතිනිය ආරම්භ කළා ය. ලංකා විදේශ සේවයේ පළමු කණ්ඩායමට අයත් එවකට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක පසුවූ වෘත්තීයමය රාජ්‍යතාන්ත්‍රිකයා හැටියට සැලකිය හැකි වූ ආචාර්ය එල්.බී. වර්නන් මෙන්දිස් මහතා එහි අධ්‍යක්‍ෂ ජනරාල් හැටියට ඇය විසින් පත් කරන

1989 මාර්තු 09 – දෙවනවරටත් විරුද්ධ පක්ෂයේ නායිකාව වීම

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, 1989 මාර්තු මාසයේ පාර්ලිමේන්තුව රැස් වූ පසු, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විරුද්ධ පක්ෂයේ නායිකාව හැටියට පත් කරන ලදී. මෙම තනතුර 1994 ජුනි 24 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු ඇය ඉසිළුවාය.

1989 පෙබරවාරි 15 – මහජන ඡන්දයෙන් පරාජය වීම

1988 දෙසැම්බර් 20 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව 1989 පෙබරවාරි මාසයේ මහජන ඡන්දය පැවැත්වීමට නියමිත විය. බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසක 67ක් හිමි වීමෙන් පාර්ලිමේන්තුවෙහි විශාලත්වය අතින් දෙවන තැන ගත් දේශපාලන පක්ෂය බවට පත් විය.

1988 දෙසැම්බර් 19 – ජනාධිපති මැතිවරණයේ දී පරාජය වීම

බණ්ඩාරනායක මැතිනිය ප්‍රථමවරට 1988 දී ජනාධිපති තේරීමේ ඡන්දයට ඉදිරිපත් වූවා ය. ඉන්දු ලංකා සාම සම්මුතිය, 13 වන ව්‍යවස්ථා සංශෝධනය, ඉන්දියානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම සහ පවත්නා රජය විසින් දේශපාලන ආධාරකරුවන් මර්දනය කිරීම ඇතුළු මානව අයිතිවාසිකම් කඩ කිරීම යන කරුණුවලට තම විරෝධය පලකරමින් ඉදිරිපත් වූ බණ්ඩාරනායක මැතිනියට වලංගු ඡන්දවලින් 44.9%ක් වූ ඡන්ද 2,289,860ක්

1988 නොවැම්බර් 13 – ජනාධිපති මැතිවරණයේ දී තරඟ කිරීම

1988 දෙසැම්බර් 19 දින පැවැත්වීමට නියමිත වූ ජනාධිපති මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු තම ප්‍රථම රැස්වීම නිට්ටඹුවේ පැවැත්වීමෙන් බණ්ඩාරනායක මැතිනිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළාය. නැවත වාරයක් දේශපාලන ප්‍රධාන ප්‍රවාහයට ඇතුල් වූ බණ්ඩාරනායක මැතිනිය රටපුරා තම ව්‍යාපාරය මෙහෙය වූවා ය. ජනාධිපති තරඟය සඳහා තව දෙදෙනෙක් ඉදිරිපත් විය. එනම් එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා