Author Archives: kosala

1987 ජුලි 29 – ඉන්දු – ලංකා සම්මුතියට විරුද්ධ වීම

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි මහතා අතර අත්සන් තබන ලද ඉන්දු – ලංකා සම්මුතියට බණ්ඩාරනායක මැතිනියගේ බලවත් විරෝධය පලකරන ලදී. ව්‍යාපාරයේ පෙරමුණ ගනිමින්, බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ පුත් විරුද්ධ පක්ෂයේ නායක අනුර බණ්ඩාරනායක මහතා ද, අනෙක් පක්ෂ හා එක්ව සම්මුතියට අත්සන් තැබීමට විරුද්ධ විය. ඉන්දියානු අගමැතිවරයාට, ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත

1986 ජනවාරි 01 – පුජා අයිතීන් ප්‍රතිෂ්ඨාපනය

1980 දී ඉවත් කරන ලද බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය 1986 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා නිකුත් කළ ආඥාවක් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. එවකට ජීවතුන් අතර නොසිටි හිටපු ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ ප්‍රජා අයිතීන් මරණින් පසුව වලංගුවන පරිදි ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීය.

1984 ‍නොවැම්බර් 05 – ඉන්දියා අගමැති ඉන්දිරා ගාන්ධි මැතිනිය ඝාතනය කිරීම

1984 ඔක්තෝබර් 31 දින ඉන්දියා අගමැති ඉන්දිරා ගාන්ධි මැතිනිය ඝාතනය කිරීම මුළු ලොවම කම්පාවට පත් කළේය. 1956 දී ගාන්ධි මැතිනිය ලන්ඩනයේ දී ප්‍රථමවරට හමු වූ දිනයේ පටන්, අවුරුදු 30කට ආසන්න කාලයක් පුරා සමීප මිත්‍රත්වයකින් පසු වූ බැවිත් තම ලෙන්ගතු මිතුරියක් මෙන්ම අග්‍රගන්‍ය වූ සම තනතුරක් හෙබ වූ නායිකාවක් අකල් මරණයකට ගොදුරු වීම ගැන බණ්ඩාරනායක මැතිනිය

1980 ඔක්තෝබර් 16 – සිවිල් නුසුදුසුකම පැනවීම

බණ්ඩාරනායක මැතිනිය 1977 දී මහජන ඡන්දයෙන් පරාජය වීමත් සමග, ජයවර්ධන ආණ්ඩුව විසින් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මගින්, අග්‍රාමාත්‍ය හැටියට සේවය කළ කාලයේ දී බණ්ඩාරනායක මැතිනිය බලය අවභාවිතා කළ බව තීන්දු කළේ ය. ඇයගේ මෙන්ම ඇයගේ රාජ්‍යතන්ත්‍රයන්හී වැදගත් තනතුරු හෙබවූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ ද ප්‍රජා අයිතිය අහිමි කළ අතර, බණ්ඩාරනායක මැතිනියගේ පාර්ලිමේන්තු අසුන ද

1980 මැයි 08 – යුගෝස්ලෝවියානු ජනාධිපති මාෂල් ජෝසප් බ්‍රොස් ටිටෝ මහතාගේ අවමංගල උත්සවය

බණ්ඩාරනායක මැතිනියගේ සමීප සගයකු හා මිතුරකු වන අතර ම නොබැඳි ව්‍යාපාරයේ සහාය නායකයකු වූ යුගෝස්ලෝවියානු ජනාධිපති මාෂල් ජෝසප් බ්‍රොස් ටිටෝ සමග ඇය බොහෝ අන්තර්ජාතික වේදිකා මත එකට අසුන් ගනිමින් නොබැඳි ව්‍යාපාරයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කර ඇත. 1980 මැයි මාසයේ දී ඔහුගේ මරණයෙන් පසු බණ්ඩාරනායක මැතිනිය තම අවසන් ගෞරව දැක්වීම සඳහා බෙල්ග්‍රේඩ් බලා පිටත්ව

1977 ජුලි 21 – මහජන ඡන්දයෙන් පරාජය වීම

1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ පවත්වන ලද එකම මහජන ඡන්දය වන 1977 මහජන ඡන්දයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් නොවූ විරූ පරාජයකට පත්විය. තුනෙන් දෙකක වැඩි ඡන්දයක් ලබා සිටි තත්ත්වයේ සිට ආසන අටක් ලබන තුන්වන විශාලතම පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් විය. බණ්ඩාරනායක මැතිනිය අත්තනගල්ල ආසනය දිනුවේ ඉතාම අඩු වැඩි ඡන්ද ගණනකිනි.

1977 මැයි 18 – පළමු ජාතික රාජ්‍ය සභාව විසිරුවා හැරීම

1977 මැයි මාසයේ දී ප්‍රථම ජාතික රාජ්‍ය සභාව විසුරුවා හැරීමෙන් පසු ශ්‍රී ලංකාවේ 8වන පාර්ලිමේන්තුව ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම සඳහා වන මහජන ඡන්දයට බණ්ඩාරනායක මැතිනිය සූදානම් වූවා ය.

1977 මැයි 12 – ලෝක ආහාර සංවිධානයේ සිරෙස් (Ceres) පදක්කම ලැබීම

බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ ආහාර ස්වයංපෝෂණ ක්ෂේත්‍රය තුළ ලබාදුන් දායකත්වය පිළිගැනීමට පාත්‍ර කරමින් ඇයට සිරෙස් පදක්කම ප්‍රදානය කරන ලදී. අධ්‍යක්‍ෂ ජනරාල් එඩුආඩ් සෞමා විසින් කෘෂිකර්මය පිළිබඳ රෝමානු දෙවඟන නමින් නම් කරන ලද මෙම පදක්කම කොළඹ දී පැවති උත්සවයක දී ප්‍රදානය කරන ලදී. සංවර්ධනය වන රටවල කෘෂිකර්ම සංවර්ධනය කෙරෙහි බණ්ඩාරනායක මැතිනිය ලබාදුන් නායකත්වය, අනුගමනය කළ ප්‍රතිපත්ති

1976 නොවැම්බර් 12 – 18 – ජපානයට යාම

නැගෙනහිර ආසියා සංචාරයේ අවසාන පියවර වූයේ ටෝකියෝවට යාමයි. එහිදී ජපාන අග්‍රාමාත්‍ය ටකේඩ් මිකී සමග පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් වැඩිපුර ව්‍යාපෘති ආධාර සහ ප්‍රදාන වශයෙන් ලැබෙන ආධාර හිමිවිය. මිකිමෝටෝ පර්ල් දූපතට ද, කියෝටෝ නගරයට ද ගිය බණ්ඩාරනායක මැතිනිය හිරෝහිතෝ අධිරාජ්‍යයා සහ කෝජූන් අධිරාජිණියගේ ආගන්තුක සත්කාර ලැබුවාය.

1976 නොවැම්බර් 08 – 11 – පිලිපීනයට යාම

බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ නියෝජිත පිරිසගේ නැගෙනහිර ආසියා සංචාරයේ දෙවන පියවර වූ යේ මැනිලාවට යාම යි. තුන් දින සංචාරය ආරම්භයේ දී ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් සහ ඉමෙල්ඩා මාකෝස් මැතිනියගෙන් බණ්ඩාරනායක මැතිනියට උණුසුම් පිළිගැනීමක් හිමි විය. අනතුරුව, වෙළෙඳාම, කර්මාන්ත, මූල්‍ය කටයුතු, අධ්‍යාපනය සහ කෘෂිකර්මය ආවරණය කරන පුළුල් පරාසයක ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වන ලදී. ජාතික ස්මාරකය, පිලිපීන හෘද මධ්‍යස්ථානය,

1976 නොවැම්බර් 05 – 08 – මලයාසියාවට යාම

නැගෙනහිර ආසියාවේ සංචාරයකට පිවිසෙමින් බණ්ඩාරනායක මැතිනිය ප්‍රථමයෙන් අගමැති දාතුක් හුසේන් ඕන්ගේ ආරාධනය පරිදි මලයාසියාවට ගියා ය. අගමැති තුමා ද, නියෝජ්‍ය අගමැති ආචාර්ය මහතීර් මහමුද් ද, ස්වදේශීය කටයුතු ඇමති ටුන් මහමුද් ගසාලි ෂෆී ද සමග පැවැත් වූ සාකච්ඡාවල දී ක්වාලාම්පූර් වෙතින් බලෙන් පැහැරගත් ගුවන් යානයට කොළඹ දී ඉන්ධන ලබා ගැනීමට ඉඩ දීම ගැන මලයාසියානු රජය වෙනුවෙන්

1976 ඔක්තෝබර් 08 – නෝර්වේ සංචාරය

ඔස්ලෝ නගරයට ගිය බණ්ඩාරනායක මැතිනිය අගමැති ඔඩ්වා නෝර්ඩි හමුවිය. අන්තර්ජාතික කටයුතු ක්‍ෂෙත්‍රයෙහි බණ්ඩාරනායක මැතිනියගේ සේවය අගය කළ ඔහු නොබැඳි ව්‍යාපාරය සහ තානාපති ෂර්ලි අමරසිංහ මහතා මුලසුන දැරූ මුහුදු නීතිය පිළිබඳ සම්මේලනයෙහි ශ්‍රී ලංකාව ඉටුකළ කාර්යභාරය ගැන විශේෂයෙන් සඳහන් කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන වැඩසටහන් පුළුල් කිරීම, ආර්ථිකයේ වැදගත් අංශ ජාතික පාලනයට නතු කිරීම සහ පරිපූර්ණ පොදු

1976 සැප්තැම්බර් 30 – එක්සත් ජාතීන්ගේ මහා සභාවෙහි 31වන සැසිවාරය

ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක සහ නොබැඳි ව්‍යාපාරයේ සභාපති හැටියට බණ්ඩාරනායක මැතිනිය එක්සත් ජාතීන්ගේ මහා සභාව අමතා නොබැඳි ව්‍යාපාරයේ කාර්යභාරය ද, බැංඩුං ප්‍රකාශයෙහි ඇතුළත් වන එම ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්ති ද, නොබැඳි ව්‍යාපාරයෙහි අදාළත්වය ද, අවධාරණය කරමින් කතා කළාය. වඩා යහපත් ලෝක තත්ත්වයක් ද, එක්සත් ජාතීන්ගේ විශ්වීය ස්වභාවය ද, ජාතීන් අතර සමානාත්මතාවය ද, ළඟා කර ගත

1976 අගෝස්තු 16 – 19 – නොබැඳි ව්‍යාපාරයේ මුලසුන දැරීම

නොබැඳි ව්‍යාපාරයේ පස්වන නායක සමුළුව කොළඹ දී පැවැත්වීමත් සමග රටවල් 86කින් සමන්විත මෙම ව්‍යාපාරයේ නායකත්වය බණ්ඩාරනායක මැතිනියට හිමි විය. ඇල්ජීරියානු ජනාධිපති හෝරි බෝමචීන්ගෙන් නායකත්වය ලැබීමෙන් පසුව, බණ්ඩාරනායක මැතිනිය, සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වන රටවල් අතර පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව, සාමූහික ආර්ථික ස්වශක්තිය අවධාරණය කරමින් ආර්ථික සංවර්ධන මාවතෙහි මෙම ව්‍යාපාරය මෙහෙය වූවාය. සංවර්ධනය වන රටවල

1976 මාර්තු 23 – මන්නාරම් සමුද්‍ර සන්ධිය සහ බෙන්ගාලේ බොක්කේ සාමුද්‍රිත සීමාවන් වෙන් කිරීම

මන්නාරම් සමුද්‍ර සන්ධිය සහ බෙන්ගාලේ බොක්ක පිළිබඳ මුහුදු සීමා ගැන ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග එකඟත්වයකට පැමැණීම බණ්ඩාරනායක මැතිනියගේ මූලික මැදිහත් වීම නිසා සිදු විය. එක්සත් ජාතීන්ගේ මුහුදු නීති ගැන පැවති සාකච්ඡා සන්දර්භය තුළ ඉතා වැදගත් යයි සැලකෙන මෙම එකඟත්වයන් ශ්‍රී ලංකාවට තම භෞමික ජලස්කන්ධ සහ මුහුදු පත්ලෙහි ඇති සම්පත් සඳහා අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට සහාය

1976 පෙබරවාරි – මහවැලි ව්‍යාපෘතිය ආරම්භ වීම

බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූර කාලයේ දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. එහි ඉදිරි පියවර වශයෙන් 1976 පෙබරවාරි මාසයේ දී අපේක්ෂාවන් රැසක් කැටිකර ගත් මහවැලි ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් වියළි කලාපයට ජලය ලබා දීම සඳහා පොල්ගොල්ලෙන් ගඟ හැරවීම ආරම්භ කරන ලදී.

1976 ජනවාරි 28 – බුරුමයට යාම

1976 ජනවාරි 28 දින රැන්ගුන් නගරයට පැමිණි බණ්ඩාරනායක මැතිනිය අගමැති බ්‍රිගේඩියර් ජනරාල් සේන්වින් මහතාගේ සත්කාරකත්වය ලැබ ඔහු සමග අගනුවර දී සාකච්ඡා පැවැත්වීය. ඉන් පසු ඇය මණ්ඩලේ සහ අනතුරුව පැගන් වෙත ගොස් බුරුමයේ ජනාධිපති ජනරාල් නේ වින් හමු විය. මෙම ගමනේ දී ඇයට බුරුමයේ දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික නායිකාවක වූ කින් කී හමුවිය. ඇය ඝාතනය කරන ලද

1976 ජනවාරි 20 – ඉන්දුනීසියාවට යාම

නැගෙනහිර ආසියා සංචාරයක ආරම්භයේ දී 1976 ජනවාරි මස බණ්ඩාරනායක මැතිනිය ජාකර්තා නගරයට ගියාය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ නොබැඳි ස්ථාවරය සහ 1955 දී බැංඩුං හී පැවති ආසියා අප්‍රිකා සමුළුවට ශ්‍රී ලංකාව ක්‍රියාකාරී ලෙස සහභාගී වීමේ පසුබිම මත දෙරට අතර සබඳතා තර කර ගැනීමට මෙම හමුවීම අවස්ථාව ලබා දුන්නේය.

1975 දෙසැම්බර් 16 – පකිස්තානයේ ජනාධිපති සුල්ෆිකාර් අලිභූටෝ මහතාගේ පැමිණීම

බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම පරිදි පකිස්තානයේ ජනාධිපති අලිභූටෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මෙහි රැඳී සිටිය කාලයේ ජාතික රාජ්‍ය සභාව අමතා කථා කළේ ය. ඒ අනුව ඔහු 1963 ජනරාල් අයුබ්ඛාන් මහතා ජාතික රාජ්‍ය සභාව ඇමතීමෙන් පසු ශ්‍රී ලංකා රාජ්‍ය සභාව ඇමතූ දෙවන පකිස්තානු නායකයා විය. පකිස්තානය දෙකඩ වීමෙන් පසුව පැවති තත්ත්වය සහ නැගෙනහිර සහ බටහිර පකිස්තානය

1975 සැප්තැම්බර් – එක්සත් පෙරමුණු සභාගය බිඳවැටීම

පාලක සභාග රජයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් වීමත් සමග 1970 දී රජයක් පිහිට වූ එක්සත් පෙරමුණු සභාගය බිඳවැටෙන්නට ප‍ටත් ගත්තේය. මෙම පිපිරීමෙන් පසුව වුව ද, බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික රාජ්‍ය සභාවේ වැඩි ආසන ගණනක් හිමි විය.