Author Archives: kosala

1975 ජුලි 24 – මෙක්සිකෝවේ ජනාධිපති ලුවී එස්චවෙරියා අල්වාරෙස් මහතාගේ පැමිණීම

බණ්ඩාරනායක මැතිනිය මැක්සිකෝවේ ජනාධිපති ලුවී එස්චවෙරියා අල්වාරෙස් මැක්සිකෝ හී දී හමුවීමෙන් මාසයකට පසු ඔහු ශ්‍රී ලංකාවට එක් දින සංචාරයක් සඳහා පැමිණි‍යේය. මෙම ගමනේ දී නොබැඳියාව සහ පීඩාකාරී අන්තර්ජාතික සහ ද්විපාර්ශ්වීය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණි.

1975 ජුනි 18 – මෙක්සිකෝවේ පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුව

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ බණ්ඩාරනායක මැතිනිය, තම ප්‍රථම මැතිවරණයෙන් 15 වසරකට පසු, කාන්තාවන් පිළිබඳව මෙක්සිකෝවේ පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතා, මුඛ්‍ය දේශනය කළාය. කාන්තාවන්ගේ කාර්යභාරය වචනයට නංවමින් ඔවුන්ගේ දායකත්වය අවධාරණය කළ ඇය “අප මෙහි පැමිණ සිටින්නේ කාන්තාවන්ට වෙනස්කම් දැක්වීමේ පිළිවෙත බිඳහෙලීමට පමණක් නොව, සංවර්ධනයේ දී අමතක කරන ලද මානව වර්ගයාගෙන් අඩකට වැඩි කොටසක් ඒකාබද්ධ කර

1975 ජුනි 10 – ජීනීවා හී පැවති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සැසිවාරය

අන්තර්ජාතික කාන්තා වර්ෂය තුළ, මානව වර්ගයාගේ ප්‍රගතිය සඳහා කාන්තා කාර්යභාරය යන තේමාවට කැප වූ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සැසිවාරයට, විශේෂ අමුත්තියක වශයෙන් බණ්ඩාරනායක මැතිනිය සහභාගී වූවාය. මහා සභාවේ මුඛ්‍ය දේශනය පවත්වමින් සාමය, යුක්තිය සහ සමානාත්මතාවයේ ප්‍රගතිය පිණිස නැවත පනගන්වනු ලබන කැපවීමකින් ක්‍රියා කරන ලෙස ඇය ආයාචනය කළාය. ස්විට්සර්ලන්තයේ ගත කළ කාලය තුළ ඇය 77 කණ්ඩායම ද

1975 අප්‍රේල් 29 – ජැමෙයිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ තුන්වන රැස්වීම

ලෝකය වියට්නාම් යුද්ධය වෙත නෙත් යොමුකර සිටි අවධියක, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ තුන්වන රැස්වීම ජැමෙයිකාවේ දී අගමැති මයිකල් මැන්ලේගේ සත්කාරකත්වය මත පැවැත්විණි. බණ්ඩාරනායක මැතිනිය, ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි, බ්‍රිතාන්‍යයේ හැරල්ඩ් මැක්මිලන්, සිංගප්පූරුවේ ලික්වාන් යිව් බංග්ලාදේශයේ මුජිබූර් රහමන් සහ වෙනත් නායකයන් සමග මෙම රැස්වීමට සහභාගී වූවා ය.

28 April 1975 – Oil Concessions from Iraq

Travelling to Jamaica for the Commonwealth sessions, Mrs Bandaranaike broke journey in Baghdad for four days. She was undertaking the visit in a backdrop of OPEC sharply increasing oil prices and countries like Sri Lanka feeling the direct impact of such changes. During discussions with Vice President Saddam Hussein, Mrs Bandaranaike was able to comprehensively

1975 ජනවාරි 28 – සැම්බියාවේ ජනාධිපති කෙනත් කවුන්ඩා මහතා පැමිණීම

නොබැඳි ව්‍යාපාරයේ නායක සමුළුව සඳහා සූදානම් වෙමින් සිටි මෙම අවධියෙහි, බණ්ඩාරනායක මැතිනිය සමග නොයෙක් අන්තර්ජාතික සමුළුවල දී සබඳකම් පැවැත් වූ සැම්බියානු ජනාධිපති කෙනත් කවුන්ඩා, ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඔහු බණ්ඩාරනායක මැතිනිය සමග පැවති සාකච්ඡාවල දී අප්‍රිකාවට අදාළ ගැටළු සහ අප්‍රිකානු මතය සමුළු සාකච්ඡාවලට ඇතුළත් කිරීම ගැන සාකච්ඡා කළේය.

1974 දෙසැම්බර් 09 – ජාත්‍යන්තර අධ්‍යයනයන් සඳහා බණ්ඩාරනායක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම

1974 දෙසැම්බර් මාසයේ දී බණ්ඩාරනායක මැතිනිය විසින් සමාරම්භ කරන ලද බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය, අන්තර්ජාතික සබඳතා ක්ෂේත්‍රයෙහි අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ඇති ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව සපුරාලීය. මෙම මධ්‍යස්ථානය අන්තර්ජාතික සබඳතා, ජාත්‍යන්තර නීතිය සහ රාජ්‍යෝපාය ක්ෂේත්‍රයන් හී දැනුම ව්‍යාප්ත කිරීමෙහි නිරතව ඇත.

1974 නොවැම්බර් 10 – සෝවියට් දේශය සහ ජෝර්ජියාව බලා පිටත්ව යාම

1974 නොවැම්බර් මාසයේ දී බණ්ඩාරනායක මැතිනිය සෝවියට් දේශය සහ ජෝර්ජියාවේ නිල ගමනක යෙදුනාය. මෙම ගමනේ දී ඇය ටෂ්කෙන්ට්, මොස්කව් සහ අවසාන වශයෙන් ටිබිලිසි යන ප්‍රදේශවල සංචාරය කළාය. අගමැති කොසිගින් සහ විදේශ ඇමති ඇන්ඩ්‍රි ග්‍රොමිතෝ හමු වූ බණ්ඩාරනායක මැතිනිය සෝවියට් දේශය සමග පැවති සබඳතා තර කිරීමට දායක වූවාය. මොස්කව් දක්වා යාම හා ආපසු ඒම සඳහා බණ්ඩාරනායක

1974 ඔක්තෝබර් 06 – යාපනය විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම

ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා විසින් 1921 දී පිහිටුවන ලද පරමේෂ්වරම් විද්‍යාලයෙහි 1974 ඔක්තෝබර් 06 දින ප.ව. 2.25ට බණ්ඩාරනායක මැතිනිය විසින් යාපනය විශ්වවිද්‍යාලය විවෘත කරන ලදී. කල්යාමේ දී ශක්තියෙන් හා ප්‍රමාණයෙන් විශාල වී ඇති මෙම නව විශ්වවිද්‍යාලය උතුරු පළාත සඳහා ශාස්ත්‍රාලයක් ලබා දී ඇත.

1974 සැප්තැම්බර් 10 – බටහිර ජර්මනියට යාම

බටහිර ජර්මනියේ චාන්සලර් හෙල්මට් ස්මිට් මහතාගේ ආරාධනය පරිදි බණ්ඩාරනායක මැතිනිය බටහිර ජර්මනියේ සංචාරයක යෙදුනා ය. ලෝකයේ පරිනාමය වෙමින් පැවති බලශක්ති අර්බුදය සහ එය සංවර්ධනය වන රටවල් කෙරෙහි බලපාන ආකාරය නායකයන් දෙපොල අතර සාකච්ඡාවල යොමුව විය. එයට අමතරව ද්විපාර්ශ්වික සබඳතා තර කිරීම ද සාකච්ඡාවට භාජන විය.

1974 සැප්තැම්බර් 04 – 09 – පකිස්ථාන සංචාරය

අගමැති සුල්ෆිකාර් අලි බූටෝ මහතාගේ ආරාධනය පරිදි බණ්ඩාරනායක මැතිනිය 1974 දී පකිස්ථානයේ රාජ්‍ය නිල ගමනක යෙදුනා ය. ඇයගේ ගමනේ දී සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව රැස්කරන ලද රැස්වීමක් ඇමතීමේ අවස්ථාව බණ්ඩාරනායක මැතිනියට ලැබුණි. ශ්‍රී ලාංකිකයකු ප්‍රථමවරට ලබාගත් මෙම අවස්ථාව, දුර්ලභව පිරිනැමෙන ගෞරවයක් වන අතර, මෙතෙක් එය ලබා ඇති සංඛ්‍යාව ඉතා අල්පය. සංවර්ධන කටයුතු නැරඹීම

1974 ජුනි 26 – ශ්‍රී ලංකාවට කච්චතිවු දූපත ලැබීම

පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතිවු දූපත, බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග පැවැත් වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, සමුද්‍ර සීමාවේ ශ්‍රී ලංකාවට අයත් කොටසේ පිහිටි බවට එකඟත්වය පලවිය. බොහෝ දෙනෙකු විසඳීමට උත්සාහ කළ ද, විසඳීමට නොහැකි වූ දිගු කලක පටන් පැවති මෙම ගැටළුව ඉන්දියා – ලංකා අග්‍රාමාත්‍ය දෙපලගේ එකඟත්වය

1974 මාර්තු – ලෝක පොහොර අරමුදල ඇති කිරීමේ යෝජනාව

ආසියාව සහ ඈත පෙරදිග සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසමේ කොළඹ පැවති රැස්වීමේ මුඛ්‍ය දේශනය පවත්වමින් ලෝක පොහොර අරමුදලක් ඇති කිරීම යෝජනාවක් වශයෙන් බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කළාය. මෙම අදහසට සහාය පළ වූ බැවින්, එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසම ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ඉදිරිපත් කළ යෝජනාව අනුමත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පොහොර

1976 ජනවාරි 24 – තායිලන්තයට යාම

නැගෙනහිර ආසියා සංචාරයේ දෙවන ඉසව්ව වශයෙන් බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ නියෝජිත පිරිස බැංකොක් නගරයට පැමිණියේය. අගමැති කුක්රිට් ප්‍රමෝජාන්ඩ් සහ විදේශ ඇමති චට්චායි චුන්හවන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු බණ්ඩාරනායක මැතිනිය භූමිබෝල් අදුල්යඩෙජ් රජතුමා සහ සිරිකිට් රැජින ද, රාජකීය පවුලේ වෙනත් සාමාජිකාවන් ද බැහැ දුටුවාය. මෙම ගමනේ දී ඇය චියංමායී ප්‍රදේශයට ද ගියාය.

1974 ජනවාරි 22 – 29 – ඉන්දියානු ජනරජ දිනයේ දී ප්‍රධාන අමුත්තා වීම

1974 ඉන්දියානු ජනරජ දින උත්සවයේ ප්‍රධාන අමුත්තන් හැටියට බණ්ඩාරනායක මැතිනියට සහ යුගෝස්ලෝවියානු ජනාධිපති ජෝසප් ටිටෝ මහතාට ආරාධනා ලැබුණි. ඉන්දියාවේ ජනාධිපති සහ අගමැති සමග ලෝක නායකයන්ට සහභාගී වීමට ආරාධනා ලැබෙන මෙම ඓතිහාසික දිනයට සහභාගී වීමේ දුර්ලභ ගෞරවය ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ ධූර කාලයේ දී බණ්ඩාරනායක මැතිනිය ලැබුවා ය.

1973 සැප්තැම්බර් 05 – 09 – ඇල්ජයර්ස් හී පැවති නොබැඳි ව්‍යාපාරයේ හතරවන නායක සමුළුව

නොබැඳි ව්‍යාපාරයේ සාමාජික රටවල් 75ක නායකයන්‍ නොබැඳි ව්‍යාපාරයේ හතරවන නායක සමුළුව සඳහා ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජයර්ස් හී දී රැස් වූහ. මෙම සමුළුවේ දී සැම්බියාවේ ජනාධිපති කෙනත් කවුන්ඩා විසින් ව්‍යාපාරයේ නායකත්වය ජනාධිපති හෝරි බූමදීන්ට පවරන ලදී. ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරූ බණ්ඩාරනායක මැතිනිය නොබැඳි ව්‍යාපාරයේ න්‍යාය පත්‍රයට ආර්ථික සංවර්ධනය ඇතුළත් කිරීමෙන් නොබැඳි ව්‍යාපාරයට නව මගක ගමන්

1973 සැප්තැම්බර් 04 – වතිකානුවට යාම

1973 සැප්තැම්බර් මාසයේ දී වතිකානුවට ගිය බණ්ඩාරනායක මැතිනිය VI වන පාවුළු පාප් වහන්සේ සමග කාස්ටල් ගැන්ඩොල්ෆෝ හී දී පෞද්ගලික සාකච්ඡාවක් පැවැත් වූවාය. තම දෙවන ධූර කාලය ආරම්භයේ දී VI වන පාවුළු පාප් වහන්සේ කොළඹට පැමිණි අවස්ථාවේ දී බණ්ඩාරනායක මැතිනිය පාප් වහන්සේ බැහැ දුටුවාය.

1973 මැයි 17 – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සමාරම්භය

බණ්ඩාරනායක මැතිනිය, ජනාධිපති විලියම් ගොපල්ලව, චීනයේ රාජ්‍ය සභාවේ උප සභාපති මාෂල් හ්සූ හියැං-චියෙන්, චීනයේ තානාපති සහ ශ්‍රී ලංකාවේ සහ චීනයේ කම්කරුවන් නියෝජනය කළ කම්කරුවන් දෙදෙනෙක් සහභාගී වූ උත්සවයක දී චීන රජය විසින් පිරිනමන ලද ත්‍යාගයක් වූ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සමාරම්භය සිදුවිය. 1973 මැයි 17 දින සවස 3.55 ට චීන තානාපතිවරයා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර

1973 අප්‍රේල් 27 – 29 – ඉන්දියානු ඇමැතිණී ඉන්දිරා ගාන්ධි මැතිනිය පැමිණීම

බණ්ඩාරනායක මැතිනියගේ සමීප මිතුරියක හැටියට සලකන ලද ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි 1973 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයගේ සංචාරය තුළ ඇය පාර්ලිමේන්තුව ඇමතුවා ය. අග්‍රාමාත්‍යවරියන් දෙදෙන ගැටළු රාශියක් ගැන සාකච්ඡා කළ හ. ඒ අතර ශ්‍රී ලංකාවේ ඉතිරිව සිටි ඉන්දියානු සම්භවයෙන් යුත් 150,000ක් ජනතාවගේ පුරවැසි භාවය රටවල් දෙක අතර මුහුදු සීමාව සහ කච්චතිවූ දූපතේ අයිතිය

1972 අගෝස්තු 8 – 12 – ජෝජ්ටවුන් හී පැවති නොබැඳි රටවල විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම

නොබැඳි ව්‍යාපාරයේ විදේශ ඇමතිවරු තම ප්‍රථම රැස්වීම ගයනාවේ ජෝජ්ටවුන් හී දී 1972 අගෝස්තු මාසයේ දී පැවැත්වී ය. මීළඟ නායක සමුළුව කොළඹ දී පැවැත්විය යුතු බවට බණ්ඩාරනායක මැතිනිය ඉල්ලීමක් කර තිබුණ බැවින් මෙම රැස්වීම ශ්‍රී ලංකාවට වැදගත් විය. ඇල්ජීරියාව ද මීළඟ නායක රැස්වීම ඇල්ජයර්ස් හී පවත්වන ලෙසට ඉල්ලීමක් කර තිබුණි. 1973 රැස්වීම ඇල්ජයර්ස් හී ද, 1976