Author Archives: kosala

1972 ජුනි 24 – ජුලි 05 – චීනයේ රාජ්‍ය නිල ගමනක යෙදීම

චීනයේ රාජ්‍ය ගමනක යෙදුන බණ්ඩාරනායක මැතිනියට චීන ජනාධිපති ‍මාවෝ සේතුං, අග්‍රාමාත්‍ය චෞ එන් ලායි සහ චීන ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණි. චීනයේ අග්‍රාමාත්‍ය සමග පැවති පුළුල් පරාසයකින් යුත් සාකච්ඡාවල දී බණ්ඩාරනායක මැතිනිය තම රජයේ පස් අවුරුදු සැලැස්ම විස්තර කළා ය. ඇයගේ ප්‍රයත්නයන්ට ආධාර කිරීමක් වශයෙන් චීන රජය පොලී රහිත දීර්ඝ කාලීන ණයක් අප්‍රමාදව ලබා දුන්නේ

1972 මැයි 22 – ශ්‍රී ලංකා ජනරජය බිහිවීම

1972 මැයි 22 දින ජනරජ ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයෙන් බැහැර වී සම්පූර්ණයෙන් ම නිදහස් රටක් බවට පත්විය. නව ව්‍යවස්ථාව යටතේ මෙතෙක් කල් එක්සත් රාජධානියේ මහ රැජින විසින් පත්කරන ලද අග්‍රා‍ණ්ඩුකාර වෙනුවට ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රධානි හැටියට පත්වීම් ලැබී ය. විලියම් ගොපල්ලව මහතා පළමු ජනාධිපති පදවියට පත් වූ අතර බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය පදවිය

1972 ජනාවරි 21 – රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීම

සිනමාව සහ වේදිකා නාට්‍ය එකම දෘෂ්‍ය විනෝදාංශ වූ මෙම අවධියෙහි, දේශීය සිනමාව පෝෂණය කිරීමේ අරමුණ ඇතිව රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ඇති කිරීමෙහි ලා බණ්ඩාරනායක මැතිනිය උපකාරක විය. චිත්‍රප‍ට කර්මාන්තය සඳහා බෙහෙවින් අවශ්‍යව තුබූ සහයෝගය ලබා දී ණය යෝජනා ක්‍රම ඇති කිරීම, චිත්‍රපට බෙදාහැරී‍මේ විධි ක්‍රම ඇති කිරීමට සහ වෘත්තීයමය චිත්‍රපට‍ කර්මාන්තයක් ස්ථාපිත කිරීම සහතික කිරීම මගින්

1972 – කෘෂිකර්ම ඵලදායීතා පනත

ඉඩම්වල නිෂ්පාදන ප්‍රමිති නිර්වචනය කොට ඉඩම් අයිතිකරුවන් මෙම ප්‍රමිති ආරක්ෂා නොකළ හොත් ඉඩම් අත්පත් කර ගැනීමේ තර්ජනය ද සහිතව 1972 කෘෂිකර්ම නිෂ්පාදන පනත බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් හඳුන්වා දෙන ලදී. මෙම පනත මගින් වගා කමිටු අවලංගු කළ අතර, වගා කළ හැකි ඉඩම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සහ යෝග්‍ය භාවිතය මගින් උපරිම ඵලදායීතා මට්ටම්වලට ළඟා වීමේ

1972 – ඉඩම් ප්‍රතිසංස්කරණ පනත

ඉඩම් සහ ජී‍වනෝපාය සඳහා රට තුළ පොදුවේ පවතින බලවත් ඉල්ලීම හඳුනාගත් බණ්ඩාරනායක මැතිනිය මේ ගැන විමසා බැලීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පත් කළාය. ඉඩම් නැවත බෙදා හැරීමේ කාර්යභාරය පැවරුන මෙම කොමිසම, වැඩිහිටියකුට අයිති කරගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 50ට සීමා කරන අතර, පවුලකට අයිති කරගත හැකි නිවාස සංඛ්‍යාව ද සීමා කරන නීති සම්පාදනය කළේය. මෙම යාන්ත්‍රණය

1971 නොවැම්බර් – පස් අවුරුදු සැලැස්ම

1971 වර්ෂය අවසානයේ දී ආර්ථික ස්වාධීනත්වය සහ ආර්ථික වර්ධනය අරමුණු කරගත් පස් අවුරුදු සැලැස්ම බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ රජය විසින් හඳුන්වා දෙන ලදී. දිශානතිය සහ උපායමාර්ගය සම්බන්ධයෙන් බොහෝ රටවල ප්‍රශංසාවට පාත්‍ර වූ පස් අවුරුදු සැලැස්මෙහි පරමාර්ථ වූයේ අභ්‍යන්තර ක්‍රමෝපාය මගින් දේශීය කර්මාන්ත නගා සිටුවීම. ව්‍යවසායකත්වය තිර සාරව දරා සිටීම සහ ආර්ථික සංවර්ධනයට සහාය වීම විය.

1971 ඔක්තෝබර් 24 – එක්සත් රාජධානියෙහි නිල සංචාරය

එක්සත් රාජධානියෙහි දින 4ක නිල සංචාරයක යෙදෙමින් අගමැති එඩ්වඩ් හීත් මහතාගේ අමුත්තියක ලෙස එහි රැඳී සිටි බණ්ඩාරනායක මැතිනිය, මෙම වසරේ මුල් කාලයේ දී ලංකාවේ පැවති තරුණ කැරැල්ල සමනය කිරීමට එක්සත් රාජධානියෙන් ලැබුණ ආධාර ගැන ප්‍රසාදය පළ කළාය. මහ රැජින, අගමැති සහ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ශ්‍රීමත් ඩග්ලස් හෝම් හමුවීමට අමතරව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පොදු වෙළෙඳ

1971 ඔක්තෝබර් 21 – කැනඩාවට නිල ගමනක යෙදීම

බණ්ඩාරනායක මැතිනියගේ කැනඩා සංචාරයේ දී සාකච්ඡා කළ ප්‍රධාන මාතෘකා නම් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය මුහුණ පා සිටි ගැටළු, දකුණු ආසියාවේ පැසවමින් පැවති ප්‍රශ්න සහ ලංකාවට ලැබෙන කැනේඩියානු ආධාර වේ. 1971 ආරම්භයේ දී පියරෙ ටෲඩෝ මහතා ලංකාවට පැමිණීම වෙනුවෙන් ලංකාව දක්වන ප්‍රතිචාරයක් හැටියට යෙදුන මෙම කෙටි සංචාරයේ දී විදේශ කටයුතු සහ ආරක්ෂාව පිළිබඳ ඇමිතිණී හැටියට ඇය කැනඩාවේ

1971 ඔක්තෝබර් 20 – එක්සත් ජනපදයේ ජනාධිපති රිචඩ් නික්සන් මහතා හමුවීම

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේ දී බණ්ඩාරනායක මැතිනිය වොෂිංටන් නගරයට පෞද්ගලික ගමනක යෙදුනාය. ඇය එක්සත් ජනපදයේ ජනාධිපති රිචඩ් නික්සන් සමග ඕවල් ඔෆීස් හී දී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත් වූවාය. තව ද රාජ්‍ය ලේකම් විලියම් රොජර්ස් මහතා සමග සාකච්ඡා පැවැත් වූ අතර එක්සත් ජනපද ජනාධිපති ආර්යාව විසින් ඇයට ආගන්තුක සත්කාර දක්වන ලදී.

1971 ඔක්තෝබර් 12 – එක්සත් ජාතීන්ගේ මහා සභාව – සාම කලාප යෝජනාව

1971 ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා සභාවේ 26 වන සැසිවාරයට සහභාගී වූ බණ්ඩාරනායක මැතිනිය, ඉන්දියානු සාගරය සාම කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළා ය. මෙම මාතෘකාව ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් යූ. තාන්ට් මහතා සමග ද ඇය සාකච්ඡා කළා ය. ටැන්සානියාව සමග එකතු වී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව බොහෝ රටවල් අනුග්‍රහය දැක්වූ

1971 සැප්තැම්බර් 26 – සෙනේට් සභාව අහෝසි කිරීම

ශ්‍රී ලංකාවේ පැවති ද්විමණ්ඩල ආණ්ඩුක්‍රමය යටතේ ස්ථාපිත උත්තර මන්ත්‍රී මණ්ඩලය 1971 සැප්තැම්බර් 26 දින සිට අහෝසි විය. 1960 දී සෙනේට් සභාවේ සාමාජිකත්වය ලැබීමෙන් ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වූ බණ්ඩාරනායක මැතිනිය, මාස කීපයක් තුළ හඳුන්වා දීමට නියමිත ජනරජ ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ ව්‍යවස්ථාමය වෙනස්කම් ඇති කිරීමේ ක්‍රියාදාමයට පිවිස සිටියා ය.

1971 අප්‍රේල් – යොවුන් නායකත්වයෙන් යුත් කැරැල්ලක් පැනනැගීම

දශකයකට පෙර තම ප්‍රථම අග්‍රාමාත්‍ය ධූර කාලයේ දී කුමන්ත්‍රණයකින් රජය පෙරළීමට ගත් උත්සාහයට නිර්භීත ලෙස මුහුණ දුන් බණ්ඩාරනායක මැතිනිය, තම දෙවන ධූර කාලයේ අවුරුද්දක් ගත වූ තැන, තමන් මුහුණ පෑ ප්‍රධාන අභියෝගයකට මුහුණ පෑවේ ය. එනම් ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ තරුණ නායකත්වය ඇති ආයුධ සන්නද්ධ කැරැල්ලයි. ඉතා කෙටි කාලයක දී නීතිය හා සාමයේ පැවැත්ම

1971 ජනවාරි 25 – අගමැති පියරෙ ටෲඩෝ මහතාගේ පැමිණීම

කැනේඩියානු අගමැති පියරෙ ටෲඩෝ මහතාගේ සිව් දින සංචාරය ලංකා – කැනඩා මිත්‍රත්වයේ වැදගත් සන්ධිස්ථානයක් විය. කැනඩා අගමැති සමග බණ්ඩාරනායක මැතිනිය ගොඩනගා ගත් මිත්‍රත්වය ඇයගේ ධූර කාලයේ දිගු කල් පැවතුණි. ලංකාව ගැන ඉතා ප්‍රසාදජනක හැගීමක් ටෲඩෝ මහතා කෙරෙහි පැවතුණි. භාෂා දෙකක් සහ ආගම් 4ක් සඳහා ඉඩ හසර සැලසූ ලංකාව ක්විබෙක් ප්‍රාන්තය සහ කැනඩාවට ආදර්ශයක් ලෙස උසස්

1971 ජනවාරි 14 – 22 – සිංගප්පූරුවේ පැවති ප්‍රථම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව

පොදු රාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍ය වරුන්ගේ සමුළුව වෙනුවට පැවැත්වීමට එකඟ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ ප්‍රථම රැස්වීමට සහභාගී වූ බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු සාගරයේ සාම කලාපය පිහිටු වීමේ යෝජනාව ඉදිරිපත් කළා ය. සාකච්ඡාවල ප්‍රධාන තැනක් ගත් රොඩේසියාව සහ දකුණු අප්‍රිකාව පිළිබඳ ගැටළු ගැන රැස්වීමට පැමිණි නායකයෝ අදහස් හුවමාරු කර ගත් හ.

1970 දෙසැම්බර් 04 – VI වන පාවුළු පාප් වහන්සේ පැමිණීම

1970 දෙසැම්බර් මාසයේ කෙටි කාලීන චාරිකාවක් සඳහා ලංකාවට පැමිණි VI වන පාවුළු පාප් වහන්සේ බණ්ඩාරනායක මැතිනිය විසින් පිළිගන්නා ලදී. රත්මලාන ගුවන් තොටුපලට පමණක් සීමා වුන මෙම ගමන, ලංකාවට පාප් වහන්සේ නමක් පැමිණි ප්‍රථම අවස්ථාව වන බැවින් බෙහෙවින් වැදගත් විය.

1970 නොවැම්බර් 24 – බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම ආරම්භ කිරීම

1964 පෙබරවාරි මාසයේ දී චීන අගමැති චෞ එන් ලායී මහතාගේ ආගමනයේ දී දුන් ප්‍රතිඥාවක් අනුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අනුස්මරණය කිරීම සඳහා වන අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම සඳහා පළමු පස්පිඩැල්ල කැපීමේ උත්සවය 1970 නොවැම්බර් 24 දින බණ්ඩාරනායක මැතිනිය, අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව සහ ලංකා කැබිනට් මණ්ඩලය ඉදිරියේ දී සිදුවිය. බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව යනුවෙන් නම් කිරීමට

1970 සැප්තැම්බර් 29 – ඊජීප්තුවේ ජනාධිපති නසාර්ගේ අභාවය

නොබැඳි ව්‍යාපාරයේ බලගතු නායකයෙකු වූ ද, බණ්ඩාරනායක මැතිනියගේ සමීප මිතුරෙකු වූ ද ඊජීප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ගේ අභාවය නිසා ඔහුගේ රාජ්‍ය අවමංගල උත්සවයට කයිරෝ නගරයට යාමට බණ්ඩාරනායක මැතිනියට සිදු විය. ඔහුගේ මරණයට සති කීපයකට පෙර නොබැඳි ව්‍යාපාරයේ නසාර් මහතා දැරූ නායකත්වය සැම්බියාවේ ජනාධිපති කෙනත් කවුන්ඩා මහතාට පිරිනැමූ ලුසාකා සමුළුවේ දී බණ්ඩාරනායක මැතිනියට නසාර් මහතා හමුවිය.

1970 සැප්තැම්බර් 08 – 10 – ලුසාකාහී පැවති තුන්වන නොබැඳි නායක සමුළුව

ලුසාකා හී පැවති තෙවන නොබැඳි නායක සමුළුවේ දී ඊජීප්තු ජනාධිපති ගමල් අබ්දෙල් නසාර් නොබැඳි ව්‍යාපාරයේ නායකත්වය ජනාධිපති කෙනත් කවුන්ඩාට පිළිගැන්වී ය. ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරූ බණ්ඩාරනායක මැතිනිය කවර බලකඳවුරකින් වුව ද එල්ලවන කවර ආකාරයක ආර්ථික හෝ යුධමය බලපෑමකට වුව ද තම ස්ථීර විරුද්ධත්වය නැවතත් අවධාරණය කළා ය. සමුළුව ඇමතූ ඇය “නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට

1970 අගෝස්තු 26 – සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මහතාගේ පැමිණීම

බණ්ඩාරනායක මැතිනියගේ දෙවන ධූර කාලයේ මුල් අවධියේ ම සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ අගමැතිනියගේ අමුත්තකු හැටියට මෙහි පැමිණියේ ය. සති කීපයක් පුරා පැවති තම ලෝක සංචාරයේ පළමු නැවතුම වූ කොළඹ දී ලී ක්වාන් යිව් බණ්ඩාරනායක මැතිනිය සමග පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වී ය. ඔහු මෙරට ගත කළ කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ද ගියේ ය.

1970 මැයි 29 – දෙවන වරටත් අගමැතිනිය හැටියට දිවුරුම් දීම

දෙවන වරටත් අගමැතිනිය හැටියට තේරී පත්වුන බණ්ඩාරනායක මැතිනිය අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියෙහි දිවුරුම් දුන්නා ය. අග්‍රාමාත්‍ය ධූරයට අමතරව බණ්ඩාරනායක මැතිනිය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍ය පදවිය ද, සැලසුම්කරණය සහ සේවා නියුක්තිය පිළිබඳ ඇමති ධුරය ද දැරුවා ය.