Author Archives: kosala

1970 මැයි 27 – මහජන ඡන්දයෙන් ජය ලැබීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එකතු වූ එක්සත් පෙරමුණේ නායිකාව ලෙස බණ්ඩාරනායක මැතිනිය 1970 මහජන ඡන්දයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා ය. ඡන්දයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක් ද, ලංකා සමසමාජ පක්ෂයට ආසන 19ක් ද, කොමියුනිස්ට් පක්ෂයට ආසන 6ක් ද හිමි විය.

1968 ජුනි 05 – ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ආධාරක පදනම ශක්තිමත් කරගනී

බණ්ඩාරනායක මැතිනිය විරුද්ධ පක්ෂයේ සිටිය දීම තම බලය ගොඩනගා ස්ථාවර කරමින් ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග පොදු ගිවිසුමකට අත්සන් කොට එම සියළු පක්ෂ එක සෙවනක් යටතට ගෙන ආවේ ය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී හඳුන්වා දුන් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අරමුණු කළ මෙම ත්‍රිත්වය මෙරට වෙනසක් ඇති කිරීමට එක්ව ක්‍රියා කළේ ය.

1966 ජනවාරි 08 – ඩඩ්ලි – චෙල්වනායකම් ගිවිසුමට එරෙහි විරෝධතා ව්‍යාපාරය

1958 දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හඳුන්වා දුන් දෙමළ භාෂාවේ සාධාරණ භාවිතයට ඉඩ සලසන ක්‍රියාත්මක නොකළ කොටසක් ද ඇතුළත් වූ ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුමට එරෙහි විරෝධතා ව්‍යාපාරයකට බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන්නා ය. බෞද්ධ භික්ෂූන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ රැස්වී ප්‍රධාන විරෝධතා

1965 අප්‍රේල් 05 – විරුද්ධ පක්ෂයේ නායක

1965 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වුව ද, අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 16,500කින් දිනාගත් බණ්ඩාරනායක මැතිනිය විරුද්ධ පක්ෂයේ අසුන් ගත්තා ය. මෙහි දී තවත් පළමු වතාවට සිදු වූ සිදුවීමක් වාර්තා කළ බණ්ඩාරනායක මැතිනිය, විරුද්ධ පක්ෂයේ ප්‍රථම නායිකාව බවට පත් වූවා ය. මෙම තනතුර හයවන පාර්ලිමේන්තුව 1970 මාර්තු 25 දින විසුරුවා හරින තෙක් ඇය

1965 මාර්තු 22 – 1965 පාර්ලිමේන්තු මැතිවරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 41ක් ලැබුණ අතර බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දැරූ සමගි සන්ධානයට ආසන 55ක් ලැබුණි. මෙය ආණ්ඩුවක් පිහිටු වීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොවී ය. ආසන 61ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය විසින් ඩඩ්ලි සේනානායක මහතා යටතේ ඊළඟ රජය පිහිටුවන ලදී.

1964 දෙසැම්බර් 03 – පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක දී පරාජය වීම

බණ්ඩාරනායක මැතිනියගේ රජය පාර්ලිමේන්තුවේ 1964 දෙසැම්බර් මාසයේ දී පැවති ඡන්දයකින් පරාජයට පත් විය. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සහ මහජන ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය විය. අවුරුදු දෙක තුනකට පෙර ඇති වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ද සැලකිල්ලට ගෙන, මාස කීපයකට පෙර 1964 ආරම්භයේ දී රජය වාමාංශික දේශපාලන පක්ෂ හවුල් කර ගනිමින් වෘත්තීය සමිති මගින් ඇති කළ දේශපාලන

1964 ඔක්තෝබර් 30 – පුරවැසිභාවය පිළිබඳ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී තේ සහ රබර් වතුවල වැඩ කිරීම සඳහා ගෙනෙන ලද ඉන්දියානු සම්භවයෙන් යුත් මිලියනයක් පමණ පිරිසගේ පුරවැසිභාවය ගැන ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී සමග සම්මුතියකට එළැඹීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය. ඇය 1964 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවට ගිය අවස්ථාවේ දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තබන ලදී. ඒ අනුව 525,000ක් පිරිස ඉන්දියාවට ආපසු යැවීමට

1964 ඔක්තෝබර් 27 – මහවැලි ගඟ සහ වියළි කලාපය සමීක්ෂණය ආරම්භ වේ

මහවැලි ගඟ සහ උතුරු සහ මධ්‍යම පළාත්වල වියළි කලාපය සමීක්ෂණය සඳහා වූ ව්‍යාපෘතියක් 1961 දී බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් අරඹන ලදී. ලංකාව, එක්සත් ජාතීන්ගේ විශේෂ අරමුදල සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් මෙහෙයුම් සැලැස්ම 1964 ඔක්තෝබර් 12 දින අත්සන් කරන ලදුව, පූර්ණ වශයෙන් වාරි කටයුතු සහ ජල විදුලි බල සංවර්ධනය සඳහා මහා සැලැස්මක් සකස් කිරීම

1964 ඔක්තෝබර් 05 – 10 – කයිරෝහී පැවති දෙවන නොබැඳි නායක සමුළුව

යූගෝස්ලාවියානු නායක මාෂල් ‍ජෝසප් බ්‍රෝස් ටිටෝ කයිරෝ හී පැවති දෙවන නායක සමුළුවේ දී නොබැඳි ව්‍යාපාරයේ නායකත්වය ඊජීප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ට පිරිනැමුවේ ය. වේගයෙන් වෙනස් වන ගෝලීය තත්ත්වයට අනුරූප වන ලෙස නොබැඳියාවේ අර්ථ නිරූපනය සහ කාර්යභාරය පරිණාමය විය යුතු බව සමුළුව අමතමින් බණ්ඩාරනායක මැතිනිය කීවා ය. “බලකඳවුරුවලට අන්තර්ග්‍රහනය වීමෙන් වැළකී සිටීමේ අධිෂ්ඨානය නිසා නොබැඳී සිටීමේ

1964 ජුලි 08 – දහතුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සම්මේලනය

බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් ඇලෙක් ඩග්ලස් හෝම් මහතා විසින් කැඳවනු ලැබූ ලන්ඩන‍යේ පවත්වන ලද දහතුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සම්මේලනයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරුවේ බණ්ඩාරනායක මැතිනිය යි. සම්මේලනයට සහභාගී වූ අන්‍යයන් අතර ඕස්ට්‍රේලියාවේ මෙන්සීන්, කැනඩාවේ පියර්සන් යන අගමැතිවරු ද ඝානාවේ ජනාධිපති න්කෘමා ද සහභාගී වූ හ. සම්මේලනය ඈපාතීඩ් වර්ණභේදවාදයට විරුද්ධත්වය නැවත තහවුරු

1964 මාර්තු 27 – ඉන්දියානු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මහතාගේ අභාවය

ජවහර්ලාල් නේරු මහතා හෘදයාබාධයකින් අනතුරුව අභාවප්‍රාප්ත වීම, ඉන්දියාවට සහ ඔහුගේ ඥානාන්විත උපදෙස් සහ මඟපෙන්වීම කෙරෙහි විශ්වාසය තැබූ නොබැඳි ලෝකයාගේ කම්පනයට හේතු විය. තම ධූර කාලයේ දී ද්විපාර්ශ්වීය කටයුතු ද, නොබැඳි ව්‍යාපාරය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රියාකාරකම් ද, පදනම් කොටගත් පුළුල් පරාසයක සබඳතා බණ්ඩාරනායක මැතිනිය සහ නේරු මහතා අතර පැවතුණ නමුත් ඇය නේරු මහතා ප්‍රථමයෙන් හඳුනා

1964 පෙබරවාරි 26 – 29 – චීන අගමැති චෞ එන් ලායීගේ පැමිණීම

චීන අගමැති චෞ එන් ලායී දින හතරක චාරිකාවක් සඳහා ලංකාව‍ට පැමිණියේ ය. එය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය යි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ආරාධනය පරිදි 1957 දී මෙහි ආ පළමු ගමන, ලංකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම නිමිති කොට ගෙන සහ ලංකා නිදහස් දින උත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වීම අරමුණු කොට ගෙන ය. 1964

1964 ජනවාරි 23 – ඇපාතීඩ් වර්ණභේද වාදයට විරුද්ධ වීම

බණ්ඩාරනායක මැතිනිය වර්ණභේද වාදයට තරයේ විරුද්ධ වූවා ය. සෙනෙට් සභාව අමතා කථා කරමින් “අපි දකුණු අප්‍රිකාවට එරෙහිව සම්බාධක පැණවීමට දායක වෙමු. එසේ වුව ද, එබඳු සම්බාධක ඵලදායී වීමට ‍ලෝකයේ සියළුම රටවල් එකමුතු විය යුතුය. අප රට වැනි කුඩා රටවල් ඒක පාර්ශ්වීයව සංකේතයක් වශයෙන් සම්බාධක පැනවුව ද ඒවා ප්‍රතිඵල රහිතය” යනුවෙන් බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළාය. බණ්ඩාරනායක

1963 දෙසැම්බර් 08 – 15 – පකිස්තානයේ ජනාධිපති අයුබ් ඛාන් පැමිණීම

අන්තර්ජාතික සබඳතා සම්බන්ධයෙන් බණ්ඩාරනායක මැතිනිය තැබූ දැවැන්ත ඉදිරි පියවර අනුව යමින් පකිස්ථානය සමග සබඳතා තර කිරීමේ අටියෙන් පකිස්ථාන ජනාධිපති ෆීල්ඩ් මාෂල් මොහමඩ් අයුබ් ඛාන්ට ලංකාවට පැමිණෙන ලෙස ඇය විසින් ආරාධනා කරන ලදී. ලංකාවේ දී බණ්ඩාරනායක මැතිනියගේ සත්කාරකත්වය ලැබූ අයුබ් ඛාන් ලංකා පාර්ලිමේන්තුව අමතා කථා කළේ ය.

1963 නොවැම්බර් 22 – ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා ඝාතනය කිරීම

1963 නොවැම්බර් මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතාගේ ඝාතනය පිළිබඳ ප්‍රවෘත්තිය බණ්ඩාරනායක මැතිනියට දැනගන්නට ලැබිණ. තම තනතුරුවලට පත්වී මාස කීපයක් ඇතුළත මෙම නායකයන් දෙපොල නිතර ලිපි ගනුදෙනු කරගත්හ. ජැක්වලින් කෙනඩි මහත්මියට ලිපියක් යවමින් “මෙබඳුම ඉරණමකට මුහුණ පෑ භාර්යාවක් සහ මවක් වශයෙන් ඔබ මෙම අවස්ථාවේ මුහුණපාත දුක් වේදනාව මට හඳුනා ගත හැක”

1963 ඔක්තෝබර් 21 – 28 – සෝවියට් සංගමයේ සංචාරය

ශීතල යුද්ධයෙහි නිරතව සිටි සුපිරි බලවතුන් දෙදෙනා සමගම ඵලදායී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවෙහි යොදවමින්, සෝවියට් – ලංකා සබඳකම් තර කරන අතරම තම තුන් අවුරුදු නිල කාලය තුළ දැරූ අන්තර්ජාතික ප්‍රයත්නයන් තව දුරටත් ඉදිරියට ගෙනයාමේ අරමුණ ඇතිව බණ්ඩාරනායක මැතිනිය මොස්කව් බලා රාජ්‍ය නිල ගමනකට පිටත් වූවා ය. සෝවියට් සංගමයට ගිය ප්‍රථම ලාංකික අගමැති හැටියට ඇය

1963 ඔක්තෝබර් 17 – 20 – පෝලන්තය බලා පිටත්ව යාම

බණ්ඩාරනායක මැතිනියගේ සංචාරයට පෝලන්තය ද ඇතුළත් විය. පෝලන්තය, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1957 වර්ෂයේ දී රාජ්‍යතාන්ත්‍රික සබඳකම් ඇති කරගත් රටකි. වෝසෝ නගරයේ දී අගමැති ජෝසප් සිරන්කිවෙස් මහතාගේ ආරාධනය පරිදි ඇයව උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී. විශේෂයෙන් ම ඇයව පිළිගත්තේ, ඇයගේ ජයග්‍රහනවලින් මහත් ආදර්ශයක් ලබාගත් පෝලන්ත කාන්තා සංගමය විසිනි. ඇයගේ කෙටි සංචාරය තුළ පෝලන්ත රාජ්‍ය සභාවේ සභාපති වූ ඇලෙක්සැන්ඩර්

1963 ඔක්තෝබර් 14 – 17 – චෙකොස්ලෝවැකියාවට පිටත්ව යාම

ප්‍රාග් නගරයට පැමිණි බණ්ඩාරනායක මැතිනිය, චෙකොස්ලෝවැකියාවේ අගමැති ජෝසෆ් ලෙනා‍ට් සහ ජනාධිපති ඇන්ටොනින් නොවොට්නි සමග, විශේෂයෙන් ඒ වන විටත් ය‍ටත් විජිත පාලනයට එරෙහිව අරගල කරමින් හිටි ජාතීන් සමග එකමුතුව කටයුතු කිරීම ගැන අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වී ය. තව ද චෙකොස්ලෝවැකියානු වෙළෙඳ පොළෙහි ලංකාවේ අපනයනයන් වැඩි කිරීම ද සාකච්ඡාවට පාත්‍ර විය.

1963 ඔක්තෝබර් 09 – 14 – එක්සත් අරාබි ජනරජයට පිටත්ව යාම

එක්සත් අරාබි ජනරජය සමග තානාපති සබඳකම් ආරම්භ කිරීමට ප්‍රථම, 1956 දී ඊජීප්තුවට එරෙහිව දියත් වූ ත්‍රෛපාක්ෂික ආක්‍රමණයට එරෙහි ලංකා රජයේ ස්ථාවරය හේතු කොට ගෙන ඊජීප්තු ජනතාව ලංකාව කෙරෙහි දැක්වූ ඉමහත් ප්‍රසාදය පසුබිම් කොට ගෙන ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් සහ අගමැති අලී සබ්‍රි, බණ්ඩාරනායක මැතිනිය හරසරින් පිළිගත්හ. නිරායුධකරණය සහ දකුණු වියට්නාමයේ නොසන්සුන්තාවයට සාකච්ඡාවේ මුල්තැන හිමි වූ

1963 ජුලි 27 – න්‍යෂ්ටික අත්හදා බැලීම තහනම් කිරීමේ ගිවිසුම ගැන ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පලවේ

න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව සහාය ලබා ගැනීමේ දැඩි අධිෂ්ඨානයක පසු වූ බණ්ඩාරනායක මැතිනිය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමට අත්සත් තැබීම ගැන ඉමහත් ප්‍රසාදයට පත් වූවා ය. මෙම අවස්ථාවේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් “මෙය ඇත්ත වශයෙන්ම ලෝක සාමය ළඟා කර ගැනීම සඳහා තැබූ ප්‍රථම පියවරකි. අප අවංකවම බලාපොරොත්තු