• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1943 ජුලි 27 – සුනේත්‍රා ඩයස් බණ්ඩාරනායක දියණිය බිහිවීම

අග්‍රාමාත්‍ය දෙපලකගේ වැඩිමහල් දියණිය වූ සුනේත්‍රා ඩයස් බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රථම කොළඹ නිවස වූ වෙන්ඩ්වර්ත් හීදී උපත ලැබුවා ය. සුනේත්‍රා කලාව, ත්‍යාගශීලිත්‍වය සහ පරාර්ථචර්යාවට කැපවූ ජීවිතයක් ගත කරන්නීය. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය, දේශපාලනය සහ අර්ථ ශාස්ත්‍රය ගැන ගෞරව උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව සුනේත්‍රා සිය මවගේ දෙවන නිල කාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යොවුන් හා කාන්තා අංශය ස්ථාපනය කිරීම හා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළා ය. වෙනස් හැකියා සහිතව ජීවත් වන තැනැත්තන්ගේ හැකියාවන් අනුකලනය කොට, ප්‍රජාවන් ගොඩනඟා එමගින් වෙනස් හැකියාවන් උත්කර්ශවත් කිරීමට හා ප්‍රශංසාවට පාත්‍ර කිරීමට සුනේත්‍රා බණ්ඩාරනායක සුනෙර පදනම පිහිටවූවා ය.