මහවෙලතැන්නේ වලව්වේ වැඩිමහල් දියණිය හොරගොල්ලේ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පුතු සමග විවාහ වූවාය. පවුලේ පාරම්පරික සිරිත් අනුව ඉමහත් උත්සවාලංකාරයෙන් එය පැවැත්විණි. එවකට සෞඛ්‍ය සහ පළාත් පාලනය භාර ඇමති හැටියට කටයුතු කළ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා, බලංගොඩට ගිය නිල ගමනක දී සිරිමාවෝගේ නිවසට ගොස් ඇත. මෙම ප්‍රථම හමුවීම 1940 ඔක්තෝබර් 03 දින විවාහයට පෙරමග සූදානම් කළේ ය. 1925 දී නීතිඥ වෘත්තියට පිවිසි ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා, 1931 පටන් රාජ්‍ය මන්ත්‍රන සභාවේ සේවය කළේ ය. ඔහු විසින් 1937 දී සිංහල මහා සභාව ද, 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, පිහිටුවන ලදී. 1956 වර්ෂයේ දී අගමැති පදවියට පත් බණ්ඩාරනායක මහතා 1959 සැප්තැම්බර් 25 දින සාහසිකයකුගේ වෙඩි පහරට ලක්වන තුරු අගමැති තනතුර හෙබවී ය. වෙඩි පහරට ලක්වූ දිනට පසු දිනයේ දී ඔහු අභාවප්ප්‍රාප්ත විය. විවාහයෙන් කෙටි කලකට පසු තම ප්‍රථම නිවස වන වෙන්ඩ්වර්ත් නිවසේ පදිංචි වූ තරුණ යුවල, ඉන් අනතුරුව කොළඹ 7, රොස්මීඩ් පෙදෙසේ, ටින්ටජල් නිවසේ පදිංචි වූහ.