බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් ඇලෙක් ඩග්ලස් හෝම් මහතා විසින් කැඳවනු ලැබූ ලන්ඩනයේ පවත්වන ලද දහතුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සම්මේලනයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරුවේ බණ්ඩාරනායක මැතිනිය යි. සම්මේලනයට සහභාගී වූ අන්‍යයන් අතර ඕස්ට්‍රේලියාවේ මෙන්සීන්, කැනඩාවේ පියර්සන් යන අගමැතිවරු ද ඝානාවේ ජනාධිපති න්කෘමා ද සහභාගී වූ හ. සම්මේලනය ඈපාතීඩ් වර්ණභේදවාදයට විරුද්ධත්වය නැවත තහවුරු කළේ ය. තව ද සයිප්‍රසයේ පවතින තත්ත්වය ගැන සැලකිලිමත් වන බව ප්‍රකාශ කළ අතර, මලයාසියාවට තම කණගාටුව පළ කළේ ය. පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයක් පිහිටු වීම ද යෝජනා කරන ලදී.