• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1963 ඔක්තෝබර් 09 – 14 – එක්සත් අරාබි ජනරජයට පිටත්ව යාම

එක්සත් අරාබි ජනරජය සමග තානාපති සබඳකම් ආරම්භ කිරීමට ප්‍රථම, 1956 දී ඊජීප්තුවට එරෙහිව දියත් වූ ත්‍රෛපාක්ෂික ආක්‍රමණයට එරෙහි ලංකා රජයේ ස්ථාවරය හේතු කොට ගෙන ඊජීප්තු ජනතාව ලංකාව කෙරෙහි දැක්වූ ඉමහත් ප්‍රසාදය පසුබිම් කොට ගෙන ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් සහ අගමැති අලී සබ්‍රි, බණ්ඩාරනායක මැතිනිය හරසරින් පිළිගත්හ. නිරායුධකරණය සහ දකුණු වියට්නාමයේ නොසන්සුන්තාවයට සාකච්ඡාවේ මුල්තැන හිමි වූ අතර සාකච්ඡාවේ අමතර ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් අරාබි ජනරජය ලංකාවෙන් වැඩි ප්‍රමාණයක් තේ මිලට ගැනීමට එකඟ විය. එක්සත් අරාබි ජනරජය පිහිටුවීමට සිරියාව සමග එක්කරනු ලැබූ ඊජීප්තුව, ලංකාව සමග, චීන – ඉන්දියා මායිම් අර්බුදය උග්‍රව පැවති අවස්ථාවේ දී මුඛ්‍ය කාර්යභාරයක් ඉටු කළ අතර යුද්ධය වැළැක්වීමට අප්‍රතිහත උත්සාහයක් දැරුවේ ය. ඇලෙක්සැන්ඩ්‍රියාව සහ ලක්සෝර් ප්‍රදේශයට ද ගිය බණ්ඩාරනායක මැතිනිය සිදුවන සංවර්ධන කටයුතු සහ සංවර්ධන ක්‍රියාදාමය ඉක්මන් කිරීමට ගන්නා පියවර ද දැක බලා ගත්තාය.