• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1963 ජනවාරි 08 – කොළඹ යෝජනා සඳහා එකඟත්වය ලබා ගැනීමට චීනය බලා පිටත්වීම

කොළඹ සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන චීනය දැනුවත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය චීනය බලා පිටත්ව ගියා ය. ඇයගේ ප්‍රයත්නය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය දැරූ ආරම්භක ප්‍රයත්නය ගැන චීනය තම කෘතඥතාවය පල කළේය. බැංඩුං සිද්ධාන්ත නැවත තහවුරු කිරීමට මෙම සුදුසු අවස්ථාවක් විය. ඒ අනුව දැනට මතු වී ඇති ප්‍රශ්නය පමණක් නොව මෙම ප්‍රදේශයේ පැනනගින වෙනත් සියළුම ප්‍රශ්න සම්බන්ධයෙන් බැංඩුං සිද්ධාන්ත භාවිතා කිරීම සහ බැංඩුං තීරණවල හරය අනුව කටයුතු කිරීම ඉක්මන් සාමකාමී විසඳුමකට මග බව පිළිගන්නා ලදී.